Wednesday, January 29, 2014


Lanka live Film Award උළෙලේ ජනප්‍රිය නළුවන් අතර ඉදිරියට එන්න ලැබීම පිළිබඳ මොකද හිතෙන්නේ?
ඒ ගැන නිහතමානී සතුටක් තියෙනවා. මට ගිය අවුරුද්දෙත් Slim Nelson Award ජනප්‍රිය තරුණ නළුවා සහ ජනප්‍රිය නළුවා කියන සම්මාන ලැබුණා. ඉතින් මෙය මට අලුත් දෙයක් නෙවෙයි. මාව මේ තත්ත්වයට ගෙනාපු රසික ජනතාවට නිහතමානීව සිරස නමා ආචාර කරනවා.

 මේ සම්මානය ලබා ගන්න කැම්පේන් එකක් කරනවා කියලා ආරංචියි?
අනේ නෑ. ඒ දේවල් කරන්න මට අම්මා, තාත්තා, බිරිය, ළමයි නෑනේ. මට කාර්ය මණ්ඩලයක් ඉන්නවා. එයාලා ජ්චජඥඡධධඬ මඟින් මේ සම්මාන උළෙල පිළිබඳ දැනුම්වත් කරලා තියෙනවා.

 මේ වගේ සම්මාන උළෙලක් පැවැත්වීම ගැන මොකද හිතෙන්නේ?
විශාල සතුටක් තියෙනවා. දැනට අපේ ජනාධිපති සම්මාන උළෙල හත් වතාවක් තියලා නෑ. නමුත් හින්දි නළු නිළියෝ වෙනුවෙන් අයිෆා උළෙලවල් තියලා කෝටි 150ක් විතර වියදම් කරනවා. ඒ නිසා මේ වගේ දෙයක් කිරීම ඇත්තටම වටිනවා.

 නව පරපුරේ රංගන ශිල්පියෙක් සමඟ කරට කර තරග වැදීම පිළිබඳ ඔබට මොනවගේ අදහසක්ද තිබෙන්නේ.
සාරංග කියන්නේ බොහොම නිහතමානී තරුණයෙක්. නිවේදකයෙක්, ටෙලිනාට්‍ය සහ සිනමා රංගන ශිල්පියෙක් ලෙස ඔහු ඉදිරියෙන් ඉන්න තරුණයෙක්. ශ්‍රී  සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටයෙත් අපි එකට රඟපෑවා. මේ සම්මානය මට අයිති විය යුතුයි කියලා බූදලේට ලියලා නෑනේ. මට ඇතිතරම් සම්මාන ලැබිලා තියෙනවා. Peoples Award අවුරුදු 7ක් සරසවි  Award අවුරුදු 6ක් එක දිගට මම ලබා ගත්තා. පායා එන්න හිරුසේ සහ නිලම්බරේ චිත්‍රපටවලට හොඳම නළුවා ලෙසත් සම්මාන ගත්තා. ඒ නිසා මම මේ සම්මානවල එල්ලිලා ඉන්නෙ නෑ. ඒ නිසා මටම ලැබිය යුතුයි කියන තැන නෙවෙයි අලුත් අයටත් මේ දේවල් ලැබිය යුතුයි කියලයි මම හිතන්නේ.

 රංගනයට ආපු කාලේ තිබ්බ ජනප්‍රියකම සහ දැන් ලැබෙන ජනප්‍රියකමයි ඔබට දැනෙන්නේ කොහොමද?
ඒක ලබාගන්න එක අභියෝගයක්. මගේ කට නිසා මට බොහෝ දේවල් නැති වුණා. සමහර චිත්‍රපටවල රූගත කිරීම්වලට යනවා මුහුරත් උළෙලට යනකොට මම චිත්‍රපටයේ නෑ. මම වෙනම දේශපාලනයක් කරන නිසා තමයි එහෙම වෙන්නේ.

දේශපාලනය නිසා චරිත  වාරණය වෙනවද?
ඔව්. ශ්‍රී  සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටයත් තිරගත වෙනකල් මම බලන් හිටියේ මම ඉන්නවද කියලා බලන්න. මොකද මට එහෙම අහිමි වුණ දේවල් තියෙනවා.
 මොනවද ඒ?
සිංහාවලෝකනය චිත්‍රපටයේ මම රඟපෑවා. සල්ලිත් ලැබුණා. ඒත් මංගල දර්ශනයට යනකොට චිත්‍රපටයේ මම නෑ. ඒ වාගේම පිටගම්කාරයෝ කියන ටෙලි නාට්‍ය ජාතික රූපවාහිනියෙන් නැවැත විකාශය කරන්න සූදානමින් ඉන්නකොට එය විකාශය කරන්න නම් මගේ චරිතය කපන්න කියලා අසංකා අබේසේකරට කියලා තියෙනවා. ඒත් එතුමිය එයට එකඟ වෙලා නැහැ. තවත් සමහර චිත්‍රපටවලට මාව ගන්නවා කියලා වෙනත් අයවත් අරන් තියෙනවා. ඒ වගේම ටෙලිනාට්‍ය  A ශේ‍ර්ණියේ සහතිකයක් ගත්ත මගේ ටෙලිනාට්‍ය දෙකක් තහනම් කරලා තියෙනවා. මේ කිහිපයක් විතරයි.

 මේ කියන්නේ ජනප්‍රිය වෙන්නත් ලේසි නෑ කියන කාරණයද?
මම විපක්‍ෂයේ මන්ත්‍රිවරයෙක් විදියට තමයි තරග කරන්නේ. මම විපක්‍ෂයේ ඉඳන් මේ වගේ දෙයකින් තරග කරනවා. හැබැයි මම මේ වෙන දේවල්වලට දුක් වෙන්නෙත් නෑ. තර්ක කරන්නෙත් නෑ. මගේ ප්‍රකාශනය මම ඉදිරිපත් කරනවා. ආණ්ඩුව සම්බන්ධ දෙයක් නම්  SMS කූපන් හරහා තිබෙන තරගයකින් නම් මට දිනන්න බෑ.
 මේ සම්මාන උළෙලේ ජනප්‍රිය නළුවන් අතර මුලින්ම හිටපු ඔබ සාරංගට දෙවැනි වෙලා තියෙන්නෙත් ඔය දේශපාලනය නිසා කියලද කියන්නේ?
මම එහෙම චෝදනා කරන්නේ නෑ. මට විවිධ හේතු නිසා අවස්ථා අහිමි වුණත් මම ඒ ප්‍රතිපත්ති බිඳගෙන වැඩ කරනවා. කනගාටුවක් නෑ.

 නවකයෝ කොතරම් හිටියත් රන්ජන් කියන පුද්ගලයාට රසිකයෝ මෙච්චර ආදරේ ඇයි?
ඔය දේ මම මෙහෙම කියන්න කැමැතියි. මගේ මාමා විජය කුමාරතුංගයන්ගේ ගීත තහනම් කළා. සිනමා නිර්මාණවල නාමාවලියේ විජය කුමාරතුංගගේ නම දැම්මේ නැති අවස්ථා තිබ්බා. මරදාන හන්දියේ විජය මාමගේ කටවුට්වලට තාර ගැහුවා. ඔහුට ඒ දේවල් කළේ එක්සත් ජාතික පක්‍ෂය බව දැන් ඒ පක්‍ෂයේ හිටියත් මම කියන්නම ඕන. ඔහු පීඩිත පන්තියේ ජනතාව නියෝජනය කළ නිසා ජනතාව ඔහුට ආදරය කළා. ඔහුට හොඳම නළුවා සම්මානය ලැබුණේ මැරුණට පස්සේ.

ඒ වගේ වරප්‍රසාදවලට මුදලට බොරු කියන්නෙ නැති හොඳ නියෝජනය මේ තත්ත්වයට අනිවාර්යයෙන්ම ජනතාව උස්සලා තියනවා. මම සුළු සුළු බොරු කිව්වට ජාතික ප්‍රශ්නවලදී බොරු කියන්නෙ නෑ. ඒ නිසා තිත්ත ඇත්ත කතාකරන කලාකරුවෙක්ට දෙන ප්‍රතිඋත්තරය තමයි මේ ආදරය. ඒ වගේම මම මැදිවිය ඉක්ම වූ මිනිසෙක්. නමුත් මට Slim Nelson ආයතනයෙන් ජනප්‍රිය තරුණ නළුවා සම්මානය දුන්නා. ඉතින් මම කිව්වා මම තරුණ නෑ ඒක නිසා මට වේදිකාවට නැඟලා ඒ සම්මානය ගන්න ලැජ්ජයි කියලා. ඊට පස්සේ ඔවුන් මට කිව්වා ඔබතුමාට වැරැදිලා. තරුණ නළුවා නෙවෙයි. තරුණ ජනතාවගේ නළුවා විදියටයි මට සම්මානය ලැබෙන්නේ කියලා. එහෙම නම් හා කියලා මම සම්මානය ගත්තා. මම හිතනවා චිත්‍රපටවලට වඩා මගේ දේශපාලන කතාවලට ගොඩක් අය කැමැතියි.

 ඒ කිව්වේ?
ගොඩක් දෙනෙක් youtube හරහා මගේ දේශපාලන කතා අහලා Comment දාලා තියෙනවා. එක Comment එකක තියෙනවා රන්ජන්ගේ රඟපෑම් බල්ලෙක්ටවත් බලන්න බෑ. හැබැයි රන්ජන් පාර්ලිමේන්තුවේ එකට රෝල් එකට හරි ආසයි කියලා. ඉතින් ඒ නිසා මට වැඩියෙන්ම ප්‍රතිචාර ලැබෙන්නේ පාර්ලිමේන්තුවේ කරන කතා නිසා.

 එතකොට රංගනයෙන් ඔබ අසාර්ථකයි කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්,
මගේ පැත්තෙන් ගත්තොත් මගේ රඟපෑම හොඳයි මම සාර්ථකයි කියලා. මිනිසුන්ගේ පැත්තෙන් ගත්තොත් කෙනෙක් කියයි ඔයා තමා ශ්‍රී  ලංකන් සුපර්ස්ටාර් කියලා. තවත් කෙනෙක් කියයි මම දුර්වල නළුවා කියලා. කලාකාරයෙක් විදියට මම ඔය අංශ දෙකම නිහතමානීව පිළිගන්නවා. එහෙම කියන එක එයාලගේ අයිතිය. මම ඒකට අභියෝග කරන්න යන්නෙ නෑ. කොහොමත් ප්‍රේමය, සෙනෙහස, ආදරය බලෙන් ගන්න බෑනේ.

 සමහරුන්ට ජනප්‍රියකම දරාගන්න බෑ. ඔබට ජනප්‍රියකම දරාගන්න පුළුවන්ද?
ඔව්. මට කවදාවත් කාගෙන්වත් චෝදනා ඇවිත් නෑ මම ආඩම්බරයි, හිනාවෙන්නෙ නෑ, කතා කරන්නෙ නෑ කියලා. මම වැඩිපුරම හිනාවෙනවා, කතා කරනවා. අපේ අක්කා මට කියන්නේ ‘චූටි ඔයා වැඩිපුර බබෝ පැටියෝ කියන්න ගිහින් ලෙඩ නඩු දාගන්නවා කියලා. ඒත් මම කෙනෙක් ඡායාරූපයක් ගන්න එන්න කිව්වොත් මම ප්‍රතික්‍ෂේප කරන්නෙ නෑ. මම මැදපෙරදිග වැඩකරන අයත් එක්ක ඡායාරූප ගන්නකොට ඔවුන් මට කියනවා අපි ළඟ දහදිය ගඳයි කියලා. කලාකාරයෝ අපිව ප්‍රතික්‍ෂේප කළා, නමුත් ඔයා විතරයි එහෙම නොකළේ කියලා. ඉතින් මට මේ ජනප්‍රියකම දරාගන්න පුළුවන් රැකියා විරහිත තරුණයෙක් විදියට විජය මාමගේ පස්සෙන් ගිහින් බත් පාර්සලයට සමූහ චරිතයක්  රඟපාපු මම උප ප්‍රධාන, ප්‍රධාන, දුෂ්ට චරිත කරලා තමයි මේ කියන තැනට ඇවිත් තියෙන්නේ. මට මේක එකපාරට ලැබුණ නම් මම ඔළුව පිපිරිලා මැරෙයි. අද තියෙන තත්ත්වයට එන්න මම ගොඩක් දුක් වින්දා. අතීතයේ දැකපු සුන්දර සිහිනයට තමයි අද මම ඇවිත් තියෙන්නෙ.

 පසුගිය දවස්වල උපේක්‍ෂා එක්ක තිබ්බ හබය දැන් ඉවරද?
මම පාර්ලිමේන්තුවේ කතා ගෙදර ගෙනයන්නෙ නෑ. මගේ ප්‍රවීණයන්ට මම ගෞරව කරනවා. මාලනි ෆොන්සේකා, රවීන්ද්‍ර රන්දෙණිය ආවම මම අසුන පවා දීලා නැඟිටිනවා. ඒත් උපේක්‍ෂා මට නරියා කියලා බැන්නා. මට එදා කතා කළේ මැද පෙරදිග ශ්‍රමිකයන්ගේ මුදල් වියදම් කරලා කරන රටවිරු රියල් ස්ටාර් වැඩසටහන ගැන. ඉතින්  ඒ කතාවේදී උපේක්‍ෂට කේන්ති ගිහින් මට බැන්නා. ඒත් අපි තරහ නෑ. හිනාවෙනවා. කතා කරනවා.
ෂෙරිල් ඩෙකර් මේ දවස්වල ශාන්ත සොයිසා අධ්‍යක්‍ෂණය කරන වරා මල් ටෙලි නිර්මාණයට රංගනයෙන් දායක වෙනවලු. ෂෙරිල් පටන් ගත්ත සැලෝන් එකේ වැඩ කටයුතුත් ජයටම කෙරීගෙන යනවලු. මේ මාසෙදි රුවනුයි ෂෙරිලුයි දෙන්නම ප්‍රසංගයකට සහභාගි වෙන්න දකුණු කොරියාවට යන්නත් ඉන්නවලු. ඒවාගේම ෂෙරිල් නර්තන කටයුතු නවත්වලා නෑලු. ඒත් ෂෙරිල් පන්ති පවත්වපු තැන හොරු කඩපු නිසා දැනට පන්ති පවත්වන එක නතර කරලලු තියෙන්නේ. කොහොමත් ඉතිං රංගන කටයුතු සහ සැලෝන් එකේ වැඩත් එක්ක පන්ති පවත්වන්න ෂෙරිල්ට වෙලාවක් නෑ කියලා තමයි අපිට ආරංචි වුණේ.

Monday, January 27, 2014

මේ දවස්වල ඔබ ගැන වැඩිපුර කතාබහ වෙනවා නේද?
    ඔව් සතියේ දිනපතාම මාව දකින නිසා මා ගැන කතාබහ වෙනවා. පබසරා ටෙලි නාට්‍යයේ පබසරා හැටියටත්, ‘සඳසාවි’ ටෙලි නාට්‍යයේ ප්‍රියංවදා හැටියටත්, ‘ඉසිවරුණ’ ටෙලි නාට්‍යයේ දිව්‍යා හැටියටත් රංගනයෙන් දායක වෙනවා.

 ‘පබසරා’ ඔබගේ රංගනය දිවියට වෙනසක් වේවිද?
    අනිවාර්යයෙන්ම මම හිතනවා ‘පබසරා’ මට විශේෂයක් කියලා. මං රඟපෑ අනෙක් චරිතවලට වඩා
 කොහොමද පබසරාට ලැබෙන ප්‍රතිචාර?
    ටෙලි නාට්‍යය විකාශය වී වැඩි කාලයක් නෑ තවම. ඒත් බලාපොරොත්තු නොවූ විදියට හොඳ ප්‍රතිචාර මට ලැබෙනවා. මට ගොඩාක් සතුටුයි. ෆේස් බුක් එකේ මගේ රසිකයන් වගේම විදේශීය රසිකයන්ගෙන් පවා මට හොඳ ප්‍රතිචාර ලැබෙනවා.

 නාගරික පරිසරයක හැදුණු වැඩුණු ඔබ ‘පබසරා’ට සාධාරණයක් ඉටු කළයි කියලා හිතනවාද?
    ඇත්තටම ඔව්. ලැබෙන ප්‍රතිචාරත් එක්ක සාධාරණයක් ඉටු කළා කියලා හිතනවා. මට ගස් නඟින්න වුණා. හරක් බලාගන්න වුණා. ඒවා නුහුරු වුණත් නාට්‍යය කණ්ඩායමේ සියලු දෙනාගෙන් සහාය මට ලැබුණා.

 සැබෑ ජීවිතයේදී නිපුණිකා පබසරාට සමාන චරිතයක්ද?
    පුංචි පුංචි සමානකම් තියෙනවා. පබසරා උත්සාහවන්තයි. පුංචි දේකටත් දුක හිතෙනවා. පබසරා වගේම සරල නිහතමානී කෙනෙක්.
 නිවේදිකාවක් ලෙස පැමිණි ඔබ එයින් සමුගන්නද සූදානම?
කොහෙත්ම නැහැ. මට නිවේදිකාවක් වෙන්න ලොකු ආශාවක් තිබුණා. මම දැනටත් හිරු රූපවාහිනියේ කවුන්ට් ඩවුන් වැඩසටහන මෙහෙයවනවා.
 සිනමාවට තවම ආරාධනා ලැබුණේ නැද්ද?
    දැනට නම් ආරාධනාවක් නැහැ. හොඳ සිනමා නිර්මාණයකට දායක වීමේ අදහසක් තියෙනවා.

 ජීවිතේ ආපස්සට හැරී බලද්දී මොකද ඔබට හිතෙන්නේ?
    හරිම සතුටුයි. පුංචි වයසකදී මට ගොඩාක් දේවල් කරගන්න ලැබුණා. සියල්ලටම වඩා ජනතා ආදරය පිළිගැනීම ලැබෙද්දී ලොකු සතුටක් දැනෙනවා මට.
 රංගනයේදී ඔබ චරිත තෝරා ගැනීමක් සිදු කරනවාද?
    අනිවාර්යයෙන්ම. ලොකු තෝරා ගැනීමක් කරනවා. හොඳ නිර්මාණ පිටපතක් එයින් මට යමක් කළ හැකි වෙනස් විදියේ චරිතයක් නම් අනිවාර්යයෙන්ම භාර ගන්නවා. පෙම්වතුන්ගේ චරිත හැර.

 රංගනයේදී පෙම්වතියක් ලෙස දකින ඔබ සැබෑ ජීවිතේදී පෙම්වතියක්ද?
    ඔව්. මම පෙම්වතියක්. අපේ ප්‍රේම සම්බන්ධයට වසර තුනක පමණ කාලයක් වෙනවා. මම හොයපු හොඳ ආදරයක් මට ලැබුණා. එය ගැන මා නිහතමානීව සතුටු වෙනවා.

 මේ තරම් දුර ගමනක් යන්න අත්වැලක් වුණු පිරිස කවුද?
    මට දූවරු ටෙලි නාට්‍යයට සම්බන්ධ වීමට අවස්ථාව ලැබුණේ විශ්ව ලංකා අයියා නිසා. ඔහුව විශේෂයෙන් මතක් කරනවා. ඒ වගේම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ නාලන් මෙන්දිස්, විමලරත්න අධිකාරි, සංජය ගුණවර්ධන, ජෝෂප් ජෙරමි, සමන් කුමාර ලියනගේ ඇතුළු මගේ ගමනට හරි වැරැදි කියා දුන් සියලුම දෙනාට මේ මොහොතේ හදවතින්ම ස්තුති කරනවා.

Sunday, January 26, 2014

උෂ්ණාධික දවසක වුණත් අපේ ගේ සිසිලයි

අහසින් කඩා හැලෙන වැහි බිදු නොනවත්වාම රිය කවුළු මත නෙක නෙක රටා මවයි. මහ වැස්සක් ඇද හැලුණද ඒ සියලු බාධක මැඩ ගනිමින් අප ඒ ගමන යා යුතුමය.ඒ ‘අපේ ගෙදර’ විශේෂාංගයට එක්වන රංගනයට මෙන්ම නර්තනයටද අති දක්ෂ අනූෂා දමයන්තිය සොයාය. මෙවර ‘අපේ ගෙදර’ විශේෂාංගයට ඇගේ සුන්දර නිවහනේ වගතුග ප්‍රස්තුත වන නිසාය.
අතුරුගිරිය ඔරුවල නිස්කලංක පරිසරයක ඉදිවුණු අනූෂාගේ සොඳුරු නිවහනට අප ගොඩවදින විට සවස හතර පසු වී තිබිණි. අනූෂාත් ඇගේ මවත් අප පිළිගත්තේ ඉතාම ආදරයකින් හා ළෙන්ගතුකමකිනි. අනූෂා ඇගේ ආදරණීය ආගන්තුක සත්කාර පිරිනමන අතරතුරම ඇගේ සොඳුරු නිවහනේ සුන්දරත්වය ගැන කතා බහ කරන්න අමතක කළේ නැහැ.
“මට මතකයි මේ නිවෙස මෙතැන ඉදිකරන්නට පෙරාතුව අපි පදිංචිව හිටියේ රාජගිරිය ප්‍රදේශයේ. මගේ තාත්තාගේ සහෝදර සහෝදරියන් එක්ක රාජගිරියේ ගෙවී ගිය මගේ ළමා කාලය හරිම සුන්දරයි. පසු කලෙක තාත්තටත් ඔහුගේ සහෝදර සහෝදරියන්ටත් අවශ්‍ය වුණා වෙනවෙනම නිවෙස් තනාගෙන ජීවත්වෙන්න. ඒ අනූව තමයි තාත්තා ඔරුවල පිහිටි පර්චස් 24 ක් පමණ වන මේ ඉඩම මිලදී ගෙන නිවෙස ගොඩනගන්නේ. මට මතකයි මේ ඉඩමේ හරියට වෙරළු, අඹ, කජු ,කොස් ගස් තිබුණා. අද වෙන කොට නම් තාත්තා හදපු නිවෙස සම්පූර්ණයෙන්ම වෙනස්වෙලා තිබෙනවා. ඒ ගසුත් නැහැ. මගෙත් මගේ අයියාගේත් කැමැත්ත මත නව නිවෙසක් මෙතැන ඉදිවුණා.
මේ නිවෙස ඉදි කරන්නට මූලික සැලසුම් සකස් කළේ ජපන් හා මැලේෂියන් නිවෙස්වල ආකෘති හා සැලැසුම් අධ්‍යයනය කරලයි. අයියාගේ සැලැසුම්වලට මගෙත් අදහස් එකතු වුණා. මේ නිවෙස දිහා පිටතින් බලනකොට දිස්වන්නේ දෙමහල් නිවෙසක් විදිහටයි. ඒත් නිවෙසට ඇතුළු වු විට එය ඉදිකර ඇත්තේ ලෙවල්ස් හතකින් බව ඕනම කෙනෙකුට පෙනෙනවා. පිය ගැට පේළි හරහා එකිනෙකට සම්බන්ධ වන ලෙස නිවහනේ සියලු කොටස් ඉදිකර තිබෙනවා. ඒ අනූව මට්ටම් හතකට නිවෙස සැලසුම් කර තිබීමත් මේ නිවෙසේ තිබෙන විශේෂත්වයක්.” එලෙස පැවැසුවේ අනූෂායි.
ඒ අනූව බලන කල අනූෂා‍ගේ නිවෙසේ සොඳුරු ස්ථාන රැසකි. නිවෙසේ විසිත්ත කාමරය කෑම කාමරය හා පැන්ට්‍රිය කදිම නිමාවෙන් හා කදිම පිළිවෙළකින් යුක්තය. දුටුවන් ‍නෙත් එක හෙළා පැහැර ගන්නා මැලේෂියන් තේක්ක දැව සෝෆාව හා සූරියමාර දැවයෙන් තැනූ කවිච්චිය අනූෂාගේ නිවෙසේ විසිත්ත කාමරයේ සුන්දරත්වය තවතවත් වැඩි කරයි. පෞරාණික ගෘහ භාණ්ඩවලින් අනූන විසිත්ත කාමරය නිසාම නිවෙසට අභිමානවත් බවක් ප්‍රෞඪත්වයක් එක්වේ.
“මම පුංචි කාලෙ ඉදළම පෞරාණික දේවල් එකතු කරන්න ආසයි. ඒ ගෘහ භාණ්ඩ තුළින් ඉස්මතුවෙන ශ්‍රී ලාංකිකයන්ගේ අභිමානයට පෞරුෂත්වයට මම කැමැතියි. මටත් මගේ අම්මාටත් නිවෙසේ පෞරාණික බවක් ඉස්මතු කරන්න අවශ්‍ය වුණා. මේ තිබෙන වටිනා පෙට්ටගම්, අල්මාරි, බෙර, පහන් හැම දෙයක්ම වගේ මගේ සීයාගෙන් මට උරුම වූ දේවල්”. අනූෂා විසිත්ත කාමරය පුරා වූ පෞරාණික සිහිවටන අපට පෙන්වයි.
අනූෂාගේ කෑම කාමරය සැරැසෙන්නේ වටිනා තේක්ක දැවයෙන් අලංකාර වූ කැටයම් සහිත විශාල මේසයකින්. ඒ වගේම අනූෂාගේ නිවෙස ඇතුළත සිසිල් බවින් යුක්තයි. දැඩි රස්නය පවතින දවසක වුවද නිවෙසේ සියලු දොර ජනෙල් වසා දමා පිටතට ගොස් නිවෙසට ඇතුළු වූ විට සීතල බවක් දැනේ. එයට හේතුව ලෙස අනූෂා පැවැසුවේ ඔවුන් නිවෙසට භාවිතා කර ඇති ‘හෝම් මැජික්’ ටයිල් වර්ගය බවයි.
විසිත්ත කාමරයේ සිට අනූෂාගේ නිදන කාමරය හා අනෙකුත් කාමර සහිත දෙවන බිම් මහල යා වන්නේ අලංකාර කුඹුක් දැවයෙන් තැනූ පියගැට පෙළකිනි. එහි අත් වැටද කුඹුක් දැවයෙන් තනා මනාව ඔප කර ඇත. තරප්පු පෙළ නැඟ එන විට හමුවන්නේ ඇතෙකුගේ අනුරුවකි. ඒ අනූෂාට උපන්දින තෑග්ගක් ලෙස ලැබුණු රාජාය.
‘'මම මගේ නිවෙසේ කැමැතිම ස්ථානයක් තමයි මගේ නිදන කාමරය. නිදන කාමරයත් එක්කම තවත් නිදන කාමර ‍දෙකක් මේ බිම් මහලේ තිබෙනවා.මගේ නිදන කාමරයට මායිම්ව තිබෙන්නේ සදළු තලය. එතැන ට ගියාම නිවෙස අවට ඇති ප්‍රදේශයම දකින්නට ලැබෙනවා.ඒ නිස්කලංක පරිසරය දිහා බලාගෙන ඉන්න එක මට සතුටක්. මගේ නිදන කාමරයට ඉහළින් මගේ ව්‍යායාම් කටයුතු සඳහාත් නර්තන පුහුණුවීම් කටයුතු සඳහාත් වෙන්වුණූ ස්ථානය (ජිම් එක) සකසා තිබෙනවා.
එතැන සිට නිවෙසේ විසිත්ත කාමරයේ සිටින කෙනෙක් සමඟත් කෑම කාමරයේ සිටින කෙනෙක් සමඟත් විවෘතව හොඳින් කතා බහ කරන්න පුළුවන් කම තිබෙනවා. නිවෙසේ ඉහළම ස්ථානය වන්නේ බුදුන් වහන්සේ වැඩසිටින බුදු කාමරයයි. එතැනට වී ආගම ධර්මය ගැන ජීවිතය ගැන කතා කරන්න මම හුඟාක් කැමැතියි. මමත් අම්මාත් දවසේ හුඟවෙලාවක් මෙතැන ගත කරන්න කැමැතියි.එතැන තිබෙන ජනෙල් කවුළු ඇරියාම උදේට ඉරපායන දර්ශනය හරිම ලස්සනට දැක ගන්න පුළුවන්.
පුරුද්දක් විදිහට අම්මත් මමත් උදේම නැගිටිනවා. මුහුණ සෝදලා බුදු පහන තියලා සරස්වතී පූජාව පවත්වලා
බුදු කාමරයේ ඉදන්ම එතැන තිබෙන ජනෙල් කවුළුව අවට රොක් වෙන ගිරා රංචුවට කැම දානවා. එතනින් තමයි අපි දවසේ කටයුතු අරඹන්නේ.'’ අනූෂා පැවැසුවේ බුදු කාමරයට දිස්වෙන ගසක හරි අපූරුවට වසා සිටන ගිරවුන් කීප දෙනෙක් අපට පෙන්වමිනි. ‘චූටි පෙත්තෝ බත් කෑවද?'අසමින් අනූෂා උන් හා හරි ආදරයෙන් කතා කරයි.

මගේ රස්සාව හොරකම කැස්බෑ නෙමේ

- අමල් පෙරේරා
ශ්‍රාවක සිත් පසුගිය මාසයක පමණ කාලය පුරා කුතුහලයෙන් පිරී පැවතියේ සිය ආදරණීය ගායන ශිල්පියා සුදු කැස්බෑවකු සොරකම් කළේ යයි පැතිරී ගිය පුවත නිසාවෙන් ය. ඔහු තමා නිර්දෝෂි බැව් කොතෙක් කිව්වත් ඇතැමකු එය විශ්වාස නොකළ අතර “සුදු කැස්බෑවා” ගැන විමසමින් ඔහුට මානසික පීඩා ඇති කිරීමට තරම් සමහරු අකාරුණික වූහ. එහෙයින්ම පසුගිය කාලය පුරා ප්‍රසංග වේදිකාවේ ද ඔහු දක්නට නොමැති වූ තරම් ය. එහෙත් ඒ සියලුම කාරණා හමුවේ කන්දක් සේම නොසැලී සිටි ඔහු මෙවර “ස්වර වර්ණ” සිය සිතුවිලි සමඟින් වර්ණ ගන්වන්නට අප සමඟ එක්වූවේ රිඳුණු සිත නිවා සනසා ගැනීමට වෙර දරමින් ය.
ඔහු, ගායන ශිල්පී අමල් පෙරේරා.
“කැස්බෑ හොරෙක් කියන ගාණට දාලා මට කළ හානිය සුළුපටු නැහැ. පසුගිය මාසයක පමණ කාලය පුරාම මාව ඔය හොරකමට සැක කරලා චෝදනා කළාට දැන් සැබෑව හෙළිදරව් වෙලා තියෙනවානේ. ඒත් සැකකරුවෙකු චෙච්ච මට වැරදිකරුවෙකුට වඩා දඬුවම් විඳින්න වෙලා - ‘හොරෙක්’ කියන අවමානය සහ විඳවන්න සිදුවෙච්ච පීඩා වින්දා. මම තදබල මානසික පීඩාවකට පත්වුණා විතරක් නෙමේ මේ ගැන දිගින් දිගටම කතා කරලා මගේ උගුරත් බැරැන්ඩි වුණා. මගේ ජීවන වෘත්තිය ප්‍රසංගවල ගීත ගායනය මිස කැස්බෑවුන් හොරකම් කිරීම නොවේ. මේ සිද්ධිය නිසා මට ප්‍රසංග මඟ හැරුණා. රට පුරා ප්‍රසංග වැඩි ගණනක් පැවැත්වෙන මෙවැනි කාලයකදී මෙසේ වීම නිසා මට ආර්ථික අතින් සිදු වූ පාඩුවත් විශාලයි. මම හිතනවා - කලාකරුවෙකුට හෝ කලාකාරිනියකට හෝ මෙවැනි දේකට මුහුණ දෙන්න වුණාම මාධ්‍ය මීට වඩා වගකීමෙන් කටයුතු කළ යුතුයි කියා.”
ඔබ හිතන්නේ මාධ්‍ය මඟින් ඔබට ආසාධාරණයක් සිදු වූ බව ද?
“ඇතැම් මාධ්‍ය මඟින් බොහෝ දුරට එහෙම වුණා තමයි. මම එක රැයකින් මේ රටේ ජනතාව අතරට ආ කලාකරුවෙකු නෙමේ. මගේ තාත්තා (සංගීතඥ, ගායන ශිල්පි මර්වින් පෙරේරා) ජනප්‍රිය ගායකයෙකු වුණත් මට මේ අද ඉන්න තැනට එන්න අවුරුදු 19 ක් ගියා. එහෙම ඇවිල්ලා හදා ගත්ත නම නොකළ වරදකට සැක කළ පමණින් එක රැයින් කැළැල් කරන්න වගකීමෙන් තොරව මේ සිද්ධිය පිළිබඳ පුවත් ඉදිරිපත් කරන්න ඇතැම් මාධ්‍ය කටයුතු කළා. ඒ ගැන හිතෙද්දී පපුව පැළිලා වගේ දැනෙනවා.
මාධ්‍යයට සහ මාධ්‍යකරුවාට උණුසුම් පුවත් ඕනෑ බව මං පිළිගන්නවා. ඒත් කලාකරුවෙකුට මෙවැනි චෝදනාවක් ආවම මීට වඩා හරි වැරැද්ද සොයා බලා දෙවරක් වත් සිතා මෙවැනි පුවත් පිළිබඳ වාර්තා කරනවා නම් තමයි හොඳ. මොකද අද මගේ නිර්දෝෂි බව ඔප්පු වෙලා තිබුණත් සීයට සීයක්ම අර ‘හොරා’ නමින් මාව මුදවන්න මාධ්‍යයට දැන් බැහැනේ. ඇත්තෙන්ම මං මාධ්‍ය මිතුරන් ගෙන් අහන්න කැමැතියි, එදා ‘ජනප්‍රිය ගායකයා කැස්බෑ හොරෙකු’ බව ප්‍රසිද්ධ කළ ඔබලාට දැන් පුළුවන් ද ‘ඒ ජනප්‍රිය ගායකයා කැස්බෑ හොරෙකු නොවේ’ කියන දේට අර වගේම ප්‍රසිද්ධියක් ලබා දෙන්න.”
ඔබේ කලා කටයුතු සඳහා මාධ්‍ය සහය ලැබී තිබෙනවා නේද...?
ඔව්. මම ගායකයෙක් නිසා ප්‍රසංගයක් හෝ නව නිර්මාණයක් කෙරුවොත් ඒක පුවතක්. මාධ්‍ය එවැනි අවස්ථාවලදී මට සහාය දී තියෙනවා. ඒත් කලාකරුවෙකු යම් වැරැද්දකට සැක පිට සිටිද්දී ඔහුට හෝ ඇයට අපහාස වන අයුරින් ඒ පුවත මාධ්‍ය මඟින් ඉදිරිපත් කිරීම හිංසාකාරී ක්‍රියාවක් බවයි මගේ හැඟීම. ඒ නිසා මින් ඉදිරියේ දී හෝ මෙවැනි අවස්ථාවන්හී දී අපේ මාධ්‍යවේදී සහෘදයින් මීට වඩා කාරුණික වෙනවා නම් හොඳයි නේද...?
මේ සිද්ධියේ දී ශ්‍රී ලංකා පොලීසිය කටයුතු කළ ආකාරය ගැන ඔබ පවසන්නේ කුමක් ද?
මේ සිද්ධියේ සැබෑව මේ තරම් ඉක්මනින් එළිදරව් කරගන්න පුළුවන් වුණේ පරීක්ෂණ කටයුතු හරියාකාරව කළ ශ්‍රී ලංකා පොලීසිය හින්දයි. ඒ ගැන මම පොලීසියට ස්තූතිවන්ත වෙනවා. නැත්නම් තවමත් මම කැස්බෑ හොරා. සාමාන්‍යයෙන් සිකුරාදා, සෙනසුරාදා, ඉරිදා යන දවස් තුනේම මම කාර්යබහුලයි. ඒ දවස් තුනේම මට ප්‍රසංග තියෙනවා. ඒත් පසුගිය දවස් ටිකේම මම ගියේ පොලිසිවලටයි. අම්බලන්ගොඩ පොලීසියට යනවා, කොස්ගොඩ පොලීසියට එනවා. එහෙම තමයි වුණේ.
ඔබ නිර්දෝෂ බව සනාථ වීම සතුටක් නොවේ ද?
සතුටුයි. ඒත් ඉතින් පසුගිය දිනවල මෙන්ම තාමත් සමහරුන් කියන කතා ඇහැව්වාම පුදුම හිතෙනවා. ඒ පීඩාකාරී දවස්වල කෝල්ස් අරගෙන ‘කෝ කැස්බෑවා’, ‘අපිට දෙන්නෙ නැද්ද’, ‘කොහෙද හැංගුවේ’, ‘ඇත්තටම ඌව ඉස්සුවා නේද’ වගේ අරකද මේකද මගෙන් අසමින් මා ගැන වැරදියට හිතපු අය ගැන කනගාටුයි. මොකද මේ ක්ෂේත්‍රයේ මාත් එක්ක සින්දු කියලා, කාලා බීලා, ආශ්‍රය කරලා හිටපු කට්ටිය බොහෝමයි. ඒත් ‘අමල්, උඹට මේ අසාධාරණයක් නේද වෙන්නේ’ කියලා අහන්න තරමට වත් හිතක් පහළ වුණේ තුන් දෙනෙකුට විතරයි.
ඔවුන් තිදෙනාව නම් වශයෙන් කියන්න කැමැති ද?
කැමැතියි. හිත හොඳ මිනිසුන්ව එහෙම අගය කරන්න ඕනේ.
ඒ තිදෙනා කවුරුන් ද?
කසුන් කල්හාර, සංගීත් විජේසූරිය සහ ෂේන් සිං. ඔය තුන්දෙනාම ඇරෙන්න වෙන කිසිම කෙනෙක් කතා කරලවත් ඇහැව්වෙ නැහැ මේ අසාධාරණය ගැන.
ඔබ ශ්‍රී ලාංකේය ගායක ගායිකාවන්ගේ සංගමයේ සාමාජිකයෙක් නේද?
ඔව්. මමත් ඉන්නවා ගායක ගායිකා සංගමයේ.
ඉතින් එම සංගමයේ සහාය ලැබෙන්න ඇතිනේ?
කියන්නත් දුකයි ඒ ගැන. මං ඒක ප්‍රශ්නයක් කරගන්නේ නම් නැහැ. ඒත් මම නම් කාට හෝ මෙවැනි දුකක් කරදරයක් වෙච්ච වෙලාවට කතා කරලා පුළුවන් උදව්වක් කරනවා. ඒකයි මං මේ ප්‍රශ්නෙදි මාත්තෙක්ක ළඟට වෙලා ‘අමල් උඹ ගණන් ගන්නෙපා ඕවා. ඕක ප්‍රශ්නයක් වෙන් නෑ. මෙහෙමයි, අපි දන්නවනේ වරදක් කරලා නැහැ කියලා’ කිය කියා මගේ ඔළුව හද හදා හිටිය කසුන්, සංගීත් සහ ෂේන්ව නම් වශයෙන්ම කිව්වේ.
මේ ප්‍රශ්නය මෙසේ විස‍ඳෙන්න පෙර ක්ෂේත්‍රයේ සමහරු ඔබ පිළිබඳ කොහොම හිතන්න ඇත් ද?
සමහරු සමහර විට හිතන්න ඇති ‘හොඳ වැඩේ වුණේ. අමල් ඉවරයි’ කියලා.
ඔවුන් දැන් හිතනවා ඇත්තේ කෙසේ ද?
අද මේ වෙන කොට ඔවුන් ‘අම්මට හුඩු මූ මේකෙන් බේරුණානේ’ කියලා හිත හිත අප්සෙට් වෙලා ඉන්නවා ඇති.
බොහෝ යහළුවන් ගැන දැන් හිතෙන්නේ මොනව ද?
අවුරුදු 21 ක් ආශ්‍රය කළ චන්ද්‍රසිරීව (සුදු කැස්බෑවාගේ අයිතිකරු) වගේම මම මාත් එක්ක හිටපු බොහෝ යහළුවන්වත් මේ සිද්ධිය නිසා හඳුනා ගත්තා. ඒක මට වටිනවා.
අපි දැන් ඔබේ වෘත්තිය ගැන කතා කරමු ද?
ඒක හොඳයි. මොකද මම ගායකයෙක්නේ.
ඔබේ හඬින් අලුත් ගීත අහන්න ලැබෙන්නේ කවදා ද?
අලුත් ගීත පටිගත කරලා තියෙනවා. අද හෙටම ඒ ගීත අහන්න ලැබෙයි. ආදරය
පිළිබඳ ගායනා කළ ජනප්‍රිය ගීත දෙකක්. නව පරපුරේ ගී පද රචකයින් සහ සංගීතඥයින් සමඟ ඒ ගීත නිර්මාණය කළේ.
වර්තමානයේ ගීත තැටි ව්‍යාපාරයක් නැහැ. ඉතින් ඔබ ජීවත් වෙන්නේ ප්‍රසංග වේදිකාවේ ගීත ගායනයෙන් පමණක්ම ද?
අනිවාර්යෙන්ම ප්‍රසංග වේදිකාවල ගීත ගායනා කරලා තමා ජීවත් වෙන්නේ. ගීත තැටි ක්ෂේත්‍රය ගැන කතාව නම් හුඟාක්ම ඛේදජනකයි. ටෙලි නාට්‍යවලත් ගීත ගයනවා. අලුතින් ගීතයක් පටිගත කළාමත් මුදලක් ලැබෙනවා.
එහෙත් ඔබ රියැලිටි වැඩ සටහන්වල විනිශ්චයකරුවෙකු ලෙස කටයුතු කළා නේද?
ඒක ඇත්ත. ඒත් ඉදිරියේ දී මම ඔය රියැලිටි ප්‍රෝග්‍රෑම්ස් වල විනිශ්චය මණ්ඩලවල කොහෙත්ම දකින්න හම්බ වෙන්නේ නැහැ. මොකද ගායකයා කියන කෙනා රටේ ජනතාව වෙනවා. ජනතාව ගායකයෝ වෙනවා. ඒ වගේම හරි සාධාරණයක් ඉෂ්ට වෙන්නේ නැත්නම් ඔය රියැලිටි ප්‍රෝග්‍රෑම්ස්වල විනිශ්චය මණ්ඩලවලට නිකම් බොරුවට ගිහිල්ලා වැඩක් නැහැ. හොඳ කෙනාව තෝරා දීම අපේ යුතුකම. ඒත් අන්තිමට ‘මේ යකාට සින්දු කියන්න බැහැනේ’ කියලා පැත්තකට වෙලා හිත හිතා ඉන්න අවශ්‍ය නැහැ මට.
එකකට ඇවිල්ලා කැපිලා, ඊළඟ එකටත් ඇවිල්ලා කැපිලාත් කැපෙන්න කැපෙන්න සමහරු සින්දු කියන්න ඕවාට එන්නේ ඇයි? මොකද මේක බයිලයක් ද, නැත්නම් ‘කොහොම හරි ඇවිල්ලා උඹලට දෙන්නම් වැඩේ’ කියලා හිතාගෙන එනව ද කියන ප්‍රශ්නය මට තියෙනවා. ඕවා නිසා ගායන වෘත්තිය හෑල්ලු වීමක් සිදු වෙන්නේ ඒකට මං විරුද්ධයි.

නංගි නැති දුක දරාගන්න බැහැ

පසුගිය දිනෙක සොඳුරු කලා පවුලක අක්ක න‍ඟෝ තිදෙනකුගෙන් එක් කෙනෙක් කුල කුමරුවකුගේ අත පතා අලුත් කූඩුවක් තනන්න වෙන්වෙලා ගියා. ඒ තමයි ශේෂාද්‍රි ප්‍රියසාද්. ශේෂාද්‍රි නැති දුක පාළුව වේදනාව වඩාත්ම දැනෙන්නේ ඇයත් සමඟ සියලු දුක සැප බෙදා හදා ගත්තු ආදරණීය අක්කාට සහ නංගීටයි. දිනක්ෂි මේ දවස්වල ඇගේ කාම‍රයේ නංගි නැති පාළුව නිසා සිත්තැවුලෙන් ඉන්න බවයි අපිට දැනගන්නට ලැබුණේ.
“නංගි නැති පාළුව, එයාගේ සුවඳ තවමත් මේ කාමරේ තියෙනවා. එයත් එක්ක තමයි හැමදේම බෙදාහදා ගත්තේ. එයාගේ අනාගතය වෙනුවෙන් එයා පතිකුලයට පිවිසුණ එක ගැන හරිම සතුටුයි. ඒත් එයා නැති පාළුව කාලයක් යන තුරුම මටත් අපි හැමදෙනාටමත් දැනේවි”