Wednesday, January 29, 2014
Lanka live Film Award උළෙලේ ජනප්‍රිය නළුවන් අතර ඉදිරියට එන්න ලැබීම පිළිබඳ මොකද හිතෙන්නේ?
ඒ ගැන නිහතමානී සතුටක් තියෙනවා. මට ගිය අවුරුද්දෙත් Slim Nelson Award ජනප්‍රිය තරුණ නළුවා සහ ජනප්‍රිය නළුවා කියන සම්මාන ලැබුණා. ඉතින් මෙය මට අලුත් දෙයක් නෙවෙයි. මාව මේ තත්ත්වයට ගෙනාපු රසික ජනතාවට නිහතමානීව සිරස නමා ආචාර කරනවා.
මේ සම්මානය ලබා ගන්න කැම්පේන් එකක් කරනවා කියලා ආරංචියි?
අනේ නෑ. ඒ දේවල් කරන්න මට අම්මා, තාත්තා, බිරිය, ළමයි නෑනේ. මට කාර්ය මණ්ඩලයක් ඉන්නවා. එයාලා ජ්චජඥඡධධඬ මඟින් මේ සම්මාන උළෙල පිළිබඳ දැනුම්වත් කරලා තියෙනවා.
මේ වගේ සම්මාන උළෙලක් පැවැත්වීම ගැන මොකද හිතෙන්නේ?
විශාල සතුටක් තියෙනවා. දැනට අපේ ජනාධිපති සම්මාන උළෙල හත් වතාවක් තියලා නෑ. නමුත් හින්දි නළු නිළියෝ වෙනුවෙන් අයිෆා උළෙලවල් තියලා කෝටි 150ක් විතර වියදම් කරනවා. ඒ නිසා මේ වගේ දෙයක් කිරීම ඇත්තටම වටිනවා.
නව පරපුරේ රංගන ශිල්පියෙක් සමඟ කරට කර තරග වැදීම පිළිබඳ ඔබට මොනවගේ අදහසක්ද තිබෙන්නේ.
සාරංග කියන්නේ බොහොම නිහතමානී තරුණයෙක්. නිවේදකයෙක්, ටෙලිනාට්‍ය සහ සිනමා රංගන ශිල්පියෙක් ලෙස ඔහු ඉදිරියෙන් ඉන්න තරුණයෙක්. ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටයෙත් අපි එකට රඟපෑවා. මේ සම්මානය මට අයිති විය යුතුයි කියලා බූදලේට ලියලා නෑනේ. මට ඇතිතරම් සම්මාන ලැබිලා තියෙනවා. Peoples Award අවුරුදු 7ක් සරසවි Award අවුරුදු 6ක් එක දිගට මම ලබා ගත්තා. පායා එන්න හිරුසේ සහ නිලම්බරේ චිත්‍රපටවලට හොඳම නළුවා ලෙසත් සම්මාන ගත්තා. ඒ නිසා මම මේ සම්මානවල එල්ලිලා ඉන්නෙ නෑ. ඒ නිසා මටම ලැබිය යුතුයි කියන තැන නෙවෙයි අලුත් අයටත් මේ දේවල් ලැබිය යුතුයි කියලයි මම හිතන්නේ.
රංගනයට ආපු කාලේ තිබ්බ ජනප්‍රියකම සහ දැන් ලැබෙන ජනප්‍රියකමයි ඔබට දැනෙන්නේ කොහොමද?
ඒක ලබාගන්න එක අභියෝගයක්. මගේ කට නිසා මට බොහෝ දේවල් නැති වුණා. සමහර චිත්‍රපටවල රූගත කිරීම්වලට යනවා මුහුරත් උළෙලට යනකොට මම චිත්‍රපටයේ නෑ. මම වෙනම දේශපාලනයක් කරන නිසා තමයි එහෙම වෙන්නේ.
දේශපාලනය නිසා චරිත වාරණය වෙනවද?
ඔව්. ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටයත් තිරගත වෙනකල් මම බලන් හිටියේ මම ඉන්නවද කියලා බලන්න. මොකද මට එහෙම අහිමි වුණ දේවල් තියෙනවා.
මොනවද ඒ?
සිංහාවලෝකනය චිත්‍රපටයේ මම රඟපෑවා. සල්ලිත් ලැබුණා. ඒත් මංගල දර්ශනයට යනකොට චිත්‍රපටයේ මම නෑ. ඒ වාගේම පිටගම්කාරයෝ කියන ටෙලි නාට්‍ය ජාතික රූපවාහිනියෙන් නැවැත විකාශය කරන්න සූදානමින් ඉන්නකොට එය විකාශය කරන්න නම් මගේ චරිතය කපන්න කියලා අසංකා අබේසේකරට කියලා තියෙනවා. ඒත් එතුමිය එයට එකඟ වෙලා නැහැ. තවත් සමහර චිත්‍රපටවලට මාව ගන්නවා කියලා වෙනත් අයවත් අරන් තියෙනවා. ඒ වගේම ටෙලිනාට්‍ය A ශේර්ණියේ සහතිකයක් ගත්ත මගේ ටෙලිනාට්‍ය දෙකක් තහනම් කරලා තියෙනවා. මේ කිහිපයක් විතරයි.
මේ කියන්නේ ජනප්‍රිය වෙන්නත් ලේසි නෑ කියන කාරණයද?
මම විපක්ෂයේ මන්ත්‍රිවරයෙක් විදියට තමයි තරග කරන්නේ. මම විපක්ෂයේ ඉඳන් මේ වගේ දෙයකින් තරග කරනවා. හැබැයි මම මේ වෙන දේවල්වලට දුක් වෙන්නෙත් නෑ. තර්ක කරන්නෙත් නෑ. මගේ ප්රකාශනය මම ඉදිරිපත් කරනවා. ආණ්ඩුව සම්බන්ධ දෙයක් නම් SMS කූපන් හරහා තිබෙන තරගයකින් නම් මට දිනන්න බෑ.
මේ සම්මාන උළෙලේ ජනප්‍රිය නළුවන් අතර මුලින්ම හිටපු ඔබ සාරංගට දෙවැනි වෙලා තියෙන්නෙත් ඔය දේශපාලනය නිසා කියලද කියන්නේ?
මම එහෙම චෝදනා කරන්නේ නෑ. මට විවිධ හේතු නිසා අවස්ථා අහිමි වුණත් මම ඒ ප්‍රතිපත්ති බිඳගෙන වැඩ කරනවා. කනගාටුවක් නෑ.
නවකයෝ කොතරම් හිටියත් රන්ජන් කියන පුද්ගලයාට රසිකයෝ මෙච්චර ආදරේ ඇයි?
ඔය දේ මම මෙහෙම කියන්න කැමැතියි. මගේ මාමා විජය කුමාරතුංගයන්ගේ ගීත තහනම් කළා. සිනමා නිර්මාණවල නාමාවලියේ විජය කුමාරතුංගගේ නම දැම්මේ නැති අවස්ථා තිබ්බා. මරදාන හන්දියේ විජය මාමගේ කටවුට්වලට තාර ගැහුවා. ඔහුට ඒ දේවල් කළේ එක්සත් ජාතික පක්ෂය බව දැන් ඒ පක්ෂයේ හිටියත් මම කියන්නම ඕන. ඔහු පීඩිත පන්තියේ ජනතාව නියෝජනය කළ නිසා ජනතාව ඔහුට ආදරය කළා. ඔහුට හොඳම නළුවා සම්මානය ලැබුණේ මැරුණට පස්සේ.
ඒ වගේ වරප්‍රසාදවලට මුදලට බොරු කියන්නෙ නැති හොඳ නියෝජනය මේ තත්ත්වයට අනිවාර්යයෙන්ම ජනතාව උස්සලා තියනවා. මම සුළු සුළු බොරු කිව්වට ජාතික ප්රශ්නවලදී බොරු කියන්නෙ නෑ. ඒ නිසා තිත්ත ඇත්ත කතාකරන කලාකරුවෙක්ට දෙන ප්‍රතිඋත්තරය තමයි මේ ආදරය. ඒ වගේම මම මැදිවිය ඉක්ම වූ මිනිසෙක්. නමුත් මට Slim Nelson ආයතනයෙන් ජනප්‍රිය තරුණ නළුවා සම්මානය දුන්නා. ඉතින් මම කිව්වා මම තරුණ නෑ ඒක නිසා මට වේදිකාවට නැඟලා ඒ සම්මානය ගන්න ලැජ්ජයි කියලා. ඊට පස්සේ ඔවුන් මට කිව්වා ඔබතුමාට වැරැදිලා. තරුණ නළුවා නෙවෙයි. තරුණ ජනතාවගේ නළුවා විදියටයි මට සම්මානය ලැබෙන්නේ කියලා. එහෙම නම් හා කියලා මම සම්මානය ගත්තා. මම හිතනවා චිත්‍රපටවලට වඩා මගේ දේශපාලන කතාවලට ගොඩක් අය කැමැතියි.
ඒ කිව්වේ?
ගොඩක් දෙනෙක් youtube හරහා මගේ දේශපාලන කතා අහලා Comment දාලා තියෙනවා. එක Comment එකක තියෙනවා රන්ජන්ගේ රඟපෑම් බල්ලෙක්ටවත් බලන්න බෑ. හැබැයි රන්ජන් පාර්ලිමේන්තුවේ එකට රෝල් එකට හරි ආසයි කියලා. ඉතින් ඒ නිසා මට වැඩියෙන්ම ප්‍රතිචාර ලැබෙන්නේ පාර්ලිමේන්තුවේ කරන කතා නිසා.
එතකොට රංගනයෙන් ඔබ අසාර්ථකයි කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්,
මගේ පැත්තෙන් ගත්තොත් මගේ රඟපෑම හොඳයි මම සාර්ථකයි කියලා. මිනිසුන්ගේ පැත්තෙන් ගත්තොත් කෙනෙක් කියයි ඔයා තමා ශ්‍රී ලංකන් සුපර්ස්ටාර් කියලා. තවත් කෙනෙක් කියයි මම දුර්වල නළුවා කියලා. කලාකාරයෙක් විදියට මම ඔය අංශ දෙකම නිහතමානීව පිළිගන්නවා. එහෙම කියන එක එයාලගේ අයිතිය. මම ඒකට අභියෝග කරන්න යන්නෙ නෑ. කොහොමත් ප්‍රේමය, සෙනෙහස, ආදරය බලෙන් ගන්න බෑනේ.
සමහරුන්ට ජනප්‍රියකම දරාගන්න බෑ. ඔබට ජනප්‍රියකම දරාගන්න පුළුවන්ද?
ඔව්. මට කවදාවත් කාගෙන්වත් චෝදනා ඇවිත් නෑ මම ආඩම්බරයි, හිනාවෙන්නෙ නෑ, කතා කරන්නෙ නෑ කියලා. මම වැඩිපුරම හිනාවෙනවා, කතා කරනවා. අපේ අක්කා මට කියන්නේ ‘චූටි ඔයා වැඩිපුර බබෝ පැටියෝ කියන්න ගිහින් ලෙඩ නඩු දාගන්නවා කියලා. ඒත් මම කෙනෙක් ඡායාරූපයක් ගන්න එන්න කිව්වොත් මම ප්‍රතික්ෂේප කරන්නෙ නෑ. මම මැදපෙරදිග වැඩකරන අයත් එක්ක ඡායාරූප ගන්නකොට ඔවුන් මට කියනවා අපි ළඟ දහදිය ගඳයි කියලා. කලාකාරයෝ අපිව ප්‍රතික්ෂේප කළා, නමුත් ඔයා විතරයි එහෙම නොකළේ කියලා. ඉතින් මට මේ ජනප්‍රියකම දරාගන්න පුළුවන් රැකියා විරහිත තරුණයෙක් විදියට විජය මාමගේ පස්සෙන් ගිහින් බත් පාර්සලයට සමූහ චරිතයක් රඟපාපු මම උප ප්‍රධාන, ප්‍රධාන, දුෂ්ට චරිත කරලා තමයි මේ කියන තැනට ඇවිත් තියෙන්නේ. මට මේක එකපාරට ලැබුණ නම් මම ඔළුව පිපිරිලා මැරෙයි. අද තියෙන තත්ත්වයට එන්න මම ගොඩක් දුක් වින්දා. අතීතයේ දැකපු සුන්දර සිහිනයට තමයි අද මම ඇවිත් තියෙන්නෙ.
පසුගිය දවස්වල උපේක්ෂා එක්ක තිබ්බ හබය දැන් ඉවරද?
මම පාර්ලිමේන්තුවේ කතා ගෙදර ගෙනයන්නෙ නෑ. මගේ ප්‍රවීණයන්ට මම ගෞරව කරනවා. මාලනි ෆොන්සේකා, රවීන්ද්‍ර රන්දෙණිය ආවම මම අසුන පවා දීලා නැඟිටිනවා. ඒත් උපේක්ෂා මට නරියා කියලා බැන්නා. මට එදා කතා කළේ මැද පෙරදිග ශ්‍රමිකයන්ගේ මුදල් වියදම් කරලා කරන රටවිරු රියල් ස්ටාර් වැඩසටහන ගැන. ඉතින් ඒ කතාවේදී උපේක්ෂට කේන්ති ගිහින් මට බැන්නා. ඒත් අපි තරහ නෑ. හිනාවෙනවා. කතා කරනවා.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment