Thursday, January 30, 2014



කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව පිරී ඉතිරී යන්නේ ‘සිරස සුබාසිරි’ ප්‍රදර්ශනය දැකගන්න. එහි එන සිය දහස් ගණනකගේ සිත් පැහැර ගත් දැවැන්ත පුවරුව හැඩ කළ යුවතිය ගැන කතා නොකළ කෙනකු නැති තරම්. ‘හරිම ලස්සන බ්‍රයිඩ් ... කවුද අනේ ඒ ග්ර්ල්’ කවුරුත් ඇහැව්වේ ඒ ගැනයි. මේ ප්‍රදර්ශනය අවසන් වෙලා දින කිහිපයක් ගෙවී ගියා. මේ කටවුට් එක හැඩ කළ යුවතිය තමුන්ගේ වැඩසටහනේ නිවේදන කටයුතුවලට එක්කර ගැනීමේ අදහසක් ‘සුබාසිරි’ නිෂ්පාදකවරයාට පහළ වුණේ ඉන් පසුවය. තම වැඩ සටහනට තවත් ආකර්ෂණයක් එක් කිරීමේ අදහසින් ඔහු ඒ යුවතියට නිවේදන කටයුතු සඳහා ආරාධනය කරනවා.නිවේදන කලාවට අවතීර්ණ වීමේ සිහිනයක් හෝ නැති කෞෂල්‍යා වික්‍රමසිංහගේ මංගල ඡායාරූපය දැකීමෙන් ලැබෙන මේ ඇරැයුම ඇදහිය නොහැකි තරම්.
හිතේ තැතිගැම්මකුත් එක්ක කෞෂි සිරස කාර්යාලයට පැමිණෙන්නේ කුතුහලයකිනි. රුව වගේම ආකර්ෂණීය මිහිරි කටහඬ ගැළපෙන බව ඔහුට දැනුණේ කෞෂල්‍යා සමඟ කළ පළමු සම්මුඛ පර්යේෂණයෙන්ම. ඉන් පසුව කෞෂී මාධ්‍ය ක්ෂේත්‍රයේ දිගු ගමනක් යන්න සිතාගෙන ඒ සඳහා මුල පිරුවේ ඉතාම ආසාවෙන්.ඒ දිවි මං තලාවේ අපූර්වත්වය සොයා ගෙන මා පියවර එස වූ දිනයේ ඈ සමීප ලෙසින් කතාබහට එක් වුණා.ඇත්තටම කෞෂි ඔයා මේ ක්ෂේත්‍රයට පැමිණියේ අහම්බෙන් වුණත් දැන් ජනප්‍රිය නිවේදිකාවක්. ඒ ගැන හිතෙන්නේ මොකක්ද?
මට මෙවැනි අවස්ථාවක් ලැබෙන්න මගේ කථිකත්වය වගේම ඉදිරිපත් කිරීමේ ස්වභාවයත්, වාසනාවත් හේතු වෙන්න ඇති කියලා මට හිතෙනවා. ඒ කියන්නේ මම ඕනෑම කෙනෙක් සමඟ කතා කරන්නේ ඉතාම ලෙන්ගතුව, සමීපව, හදවතින්ම. ඒ ගුණය මගේ නිවේදන හැකියාව සාර්ථක වෙන්න හේතු වුණා කියලා මට හිතෙනවා. මට මේ නිවේදන ක්ෂේත්‍රයට ඇවිත් සති කිහිපයකදී ලැබුණු අත්දැකීමකින් මට ඒ බව හැඟුණා. මට මතකයි මම මුලින්ම කළේ සිරස ‘චමත්කාර’ වැඩසටහන. මම ඇවිත් සතියකින් මට සජීවීව ‘සුබාසිරි’ වැඩ සටහනක් කරන්න සිදු වුණා.
මම ජීවිතේට එවැනි අත්දැකීමක් තිබුණේ නැහැ. වැඩසටහන තිබුණේ නුවර කැන්ඩි සිටි ශාලාවේ. සෙනඟ දහස් ගණනක් පිරී ගිහින්. මම වේදිකාවට නැග්ගේ පුදුම සබකෝලයෙන්. මයික් එක අතට ගත්තට සෙනඟ දැක්කම සියලු දේ අමතක වෙලා ගියා. ඇත්තටම මගේ අත්දෙක වෙව්ලනවා. ඒත් උත්සවය අතහැරියේ නැහැ. වැරැදි වැරැදී වැඩසටහන කරගෙන ගියා. මම එදා ඒ අත්දැකීමෙන් බොහෝ දේ වැටහුණා. මේ ක්ෂේත්‍රයේ ප්‍රවීණත්වය කරා යන්න පුළුවන් එවැනි අත්දැකීම්වලින් බව. කවදාවත් අපට මෙවැනි දේ පොත්වලින් ඉගෙනගෙන පාඨමාලා කරලා කරන්න පුළුවන් දේවල් නෙවෙයිනේ . . . කතා කිරීමේ හැකියාව අපේ ඇඟේම තියෙන්න ඕනේ. විශේෂයෙන් නිවේදනයේදී අපේ ප්‍රියමනාප බව, රූපයත් ඒකට බලපානවා.
ඔබ මේ වැඩසටහන් දෙකට අමතරව තවත් නිවේදන කටයුතු කළ වැඩසටහන් තියෙනවා නේද?
ඔව්. මම හරිම ආසාවෙන් කළ වැඩසටහන තමයි දෙරණ නාලිකාවේ ‘සක්සස් ලේඩ්ස් විත් කෞෂි’ කියන අලුත්ම වැඩසටහන. මේ වැඩසටහනේදී ලංකාවේ විවිධ ක්ෂේත්‍රවලින් සාර්ථකත්වය ලබපු කාන්තාවන් විශාල සංඛ්‍යාවක් සමඟ සාකච්ඡා පවත්වන්න අවස්ථාව ලැබුණා. මාලිනී ෆොන්සේකා, පද්මා වෑත්තෑව, චාන්දනී බණ්ඩාර, සුසන්තිකා, ශාන්තිනී කොන්ගහගේ, සෝමා එදිරිසිංහ, අනූෂා ගෝකුල, මහාචාර්ය කුසුමා කරුණාරත්න වැනි ක්ෂේත්‍ර රැසක අය මේ වැඩසටහනේදී සමීපව සම්බන්ධ වුණා. තවත් වැඩසටහනක් පටන් ගන්න මම දැන් සූදානමින් ඉන්නේ. ඒ වැඩසටහන හොඳින්ම ජනප්‍රිය වෙයි කියලා මම හිතනවා. මොකද මම මෙතෙක් කරපු වැඩසටහන්වලින් ලබපු අත්දැකීම් සියල්ලම ප්‍රයෝජනයට
ගනිමින් තමයි ඒ වැඩසටහන කරන්නේ. එය ඉතාමත් ආදර්ශමත්, අධ්‍යාපනික වටිනාකමක් ඇති එකක්.එතකොට කෞෂි ඔබ දැන් ව්‍යාපාර ක්ෂේත්‍රයටත් යොමුවෙලා සිටිනවානේ. ඇත්තටම ඔබගේ ව්‍යාපාරය කුමක්ද?
මම අධ්‍යාපනය ලැබුවේ Royal Institute එකේනේ. උසස් පෙළ අවසන් කළාට පසු මම Fashion Designපාඨමාලාවක් කළා. අපේ පවුලේ අයියලා දෙන්නයි මමයි ඉන්නේ. මම ඉතින් පවුලේ බඩපිස්සි නිසා කවුරුත් ආදරෙයි. මට හිතුණා මගේම ව්‍යාපාරයක් කරන්න. මම මුලින්ම ගෙදරම මනාලියන්ගේ ඇඳුම් නිර්මාණය කරන්න පටන් ගත්තා. මටම හිතාගන්න බැරි තරමට ඒ නිර්මාණ හරිම ජනප්‍රිය වුණා. මම ලොකුª ප්‍රචාරයක් කළේ නැහැ. අන්තර් ජාලය හරහා මගේ නිර්මාණ ප්‍රසිද්ධ කළේ. මටම හිතාගන්න බැහැ. දවසක් මගේ ඉඩධඹ අධධථ එකට නෝර්වීජියානු යුවතියක් ආවා. ඇය කියනවා ඇය මගේ ඇඳුම් නිර්මාණයක් දැකලා ඒ ඇඳුම ඇගේ මංගල උත්සවයට මහන්න හිතාගෙනලු ලංකාවට ආවේ. දැනගෙන තියෙන්නේ අන්තර් ජාලයෙන්. මටම පුදුමයි කොහොමද මගේ විස්තර දැන ගත්තේ කියන එක.ඒ වගේම ඔබ තවත් ව්‍යාපාරික කටයුත්තක නියැලෙනවා නේද?
ඔව්. මම නුගේගොඩ නාවල පාරේ රූපලාවණ්‍ය සත්කාරක ආයතනයක් පටන් ගත්තා. ඒ ස්ථානයේ දේශීය ක්‍රමයට කාන්තාවන් සඳහා රූපලාවණ්‍ය සත්කාරක සේවාවක් සපයනවා. මෙය රජයේ ලියාපදිංචිය ලබපු කාන්තාවන්ට පමණක් ප්‍රතිකාර ලබා දෙන ස්ථානයක්. මෙයට අමතරව මම ව්ව්ර්‍ණ රූපලාවණ්‍ය නිෂ්පාදන ආයතනයේ වෙළෙඳ සන්නම නාම තානාපතිනිය ලෙසත් කටයුතු කරනවා. මේ සියලු දේ හරහා මම උත්සාහ කරන්නේ මෙරට සංචාරක ව්‍යාපාරය සඳහා මට හැකි පමණින් දායකත්වයක් ලබා දෙන්න. ඒ සඳහා මගේ සැමියා ධම්මික වික්‍රමසිංහ සැම විටම මට විශාල ශක්තියක් වෙනවා.ඔබ විවාහක කාන්තාවක් ලෙස කොහොමද මෙවැනි විශාල කටයුතු රාශියක් ඇත්තටම කරන්නේ?
ඒ ගැන නම් මටත් පුදුම හිතෙනවා. අපට දැන් පුංචි සුරතලෙකුත් ඉන්නවා. මගේ මේ මොන දේ තිබුණත් මම මුල්තැන දෙන්නේ ඒ දරුවා වෙනුවෙන්. මම හිතන්නේ මගේ මේ සියලු දෙයකම සාර්ථකත්වය දකින්න පුළුවන් වෙන්නේ දරුවා රටට වැඩදායක වුණොත් විතරයි. ඒ නිසා මොන වැඩ තිබුණත් දරුවාගේ කටයුතු සියල්ල සිද්ධ වෙන්නේ මගේ අතින්. ඒ වගේම මගේ සැමියා ජාතික ඒකාබද්ධතා සම්මේලනයේ විධායක අධ්‍යක්ෂවරයෙක්. ඔහු හරිම කාර්යයබහුලයි. ඒ නිසා ඔහුගේ කටයුතුවලටත් සහයෝගය දක්වමින් අපේ කටයුතු සිදු කරගෙන යනවා.
ගෙදරටම හිටියේ මේ රජියයි රජියගෙ මල්ලියි විතරයි. පානදුරේ වලානේ ඉපදුනේ. කොටහලු වුණේ මොරටුවේ එගොඩ උයනේ. එහෙම කිව්වට වරද්ද ගන්න එපා හොෙඳ්. එගොඩඋයනෙ තාත්තගේ මහ ගෙදර වැඩිපුර කාලයක් හිටිය නිසයි එහෙම කිව්වේ.
අපේ තාත්තා කලාවට පණ ඇරල හිටිය කෙනෙක්. ගෙදරදි පොඩි බට්ටො කාලෙදිත් අපි දැක්කෙම තාත්තා ගෙනාව රුක්මණී දේවිගේ එඩී ජයමාන්නගේ එහෙම පින්තූර. අපි තාත්තා නැති වෙලාවට සෙල්ලම් කලෙත් ඒවගෙන්. ලංගමේ තමයි තාත්තා වැඩ කළේ. දන්නවනේ ඉතින් මධ්‍යම පාන්තික ජීවිතේ, දවසක් සතුට, දවසක් දුක. තාත්තා අපිව පික්චර් බලන්න එක් කරගෙන යනවා. මායි මල්ලියි තව ඥාති කොල්ලෙකුයි බලන පික්චර්වලින් ෆයිට් කෑලි අල්ල ගන්නවා. ගෙදර ඇවිත් අපි ඒ ගුස්ති ඇරගන්නේ ඇත්තටම.
එතකොට මල්ලිට අවුරුදු දෙකක් ඇති. මට තුනයි. එදා ගුටි ඇන ගත්තේ අපි දෙන්නා විතරයි. මගේ ෂොට් එකට මලය ටොයිලට්වලට කැරකිලා ගිහින් වැටුණා. මට මාර හැපී. හැබැයි සිලින්ඩරේ බැස්සුව වලේ මල්ලි යට ගියා. එක පාරක් එයා උඩ ඇවිදින් යට ගියා. මං ටයිම් ඇල්ලුවා. හරියට දෙපාර උඩ එද්දී මං කොල්ලව ඇදල ගොඩ ගත්තා. ඒ කාලෙදිත් මං එහෙම තමයි. ගුස්පියක් දීල ඒක නෝන්ඩි නොවෙන්න වහන්නත් පුළුවනි.
මලය ගොඩ අරන් මං කෝටුවකින් නිකමට වළේ ගැඹුර බැලුව. මල්ලි වගේ දෙගුණයක් ගැඹුර තිබුණා. මලයගේ ජංගි කොටේ වතුරෙන් බත් වෙලා. ඒක ගලවල අව්වේ වේළල ඒකම අන්දගෙන තමයි මං කොල්ලව ගෙදර ගෙනිච්චේ. අම්ම මාව ඉස්කෝලෙ දැම්මා. ඒකේ දෙකේ පන්තිවල ඉඳන්ම මට ඕනෑ වුණේ පන්තියේ චණ්ඩියා වෙන්න. ඇතුළෙදි සද්දයක් දාල සැරන්ඩර් කර ගන්නවා. එහෙම බැරි පන්තියේ කට්ටියට අපේ ගෙවල් පැත්තෙදි වට කරල දෙනවා.
5 වසරට එද්දී ටීචර්ට මාව හොඳට නෝට්. ටීචර් අම්මව ගෙන්නුව. ‘මේ ළමයව ශිෂ්‍යත්වෙ පන්තිියේ තියන්න බෑ. මෙයා හරිම දුර්වලයි’ ටීචර් එහෙම කිව්වම අපේ අම්මා ලැජ්ජාවට බිම බලාගෙන හිටියා. ‘අනේ ටීචර් පුතාට දුක හිතෙයි. එයාව මේ ළමයි ගොඩේම නවත්ත ගන්න. මට මෙයා විභාග පාස් නොවුණත් කමක් නෑ.’
මටත් දුක හිතුණා. මං ගෙදර ආවේ ‘අම්මේ මං ශිෂ්‍යත්වෙ පාස් වුණොත් අම්ම මාව ඉස්කෝලෙ ළඟ ඉඳන් ගෙදරට වඩාගෙන එනවද?’ අම්මා හා කිව්වා. මං ගේමට බැස්සා. ශිෂ්‍යත්වෙත් ලිව්වා. ප්‍රතිඵලත් පිට වුණා. එදා ඉස්කෝලේ විශේෂ රැස්විම අපෙන්. එකොළොස් දෙනෙක්ම පාස් වෙලයි කියලා කුටු කුටු ගානව මටත් ඇහුණා. ප්‍රින්සිපල් පාස් ළමයින්ගේ නම් කිය කියා රැස්වීමේ වේදිකාවට ගෙන්නුවා. ලැයිස්තුවේ මැද හරියේදී රජිත හිරාන් චාමිකර කිව්වා. ඒ මටම ද කියලා මටත් අන් ෂුවර්. ඒත් ඒ නම තියෙන ඉස්කෝලේ එකම එකා මං. අනෙක් දහ දෙනාම අන්දුන් කුන්දුන්. මේක නම් වැරැදිලා පාස් වෙලා ද කියලා මගේ කකුල් දෙකේ ඉඳන් ඔළුවටම හොඳට බැලුවා. ඒ වෙනකල් මං අතු ගාන්ඩවත් වේදිකාවකට නැගල තිබුණේ නෑ. රැස්වීමේ හැමෝම මා දිහා බලන් ඉන්නවා වගේ මට හිතුණා. ඇඟ තව ටිකක් පුම්බගෙන නළුව වගේ තමයි වේදිකාවෙත් හිටියේ. අම්මටත් එදා මේ අලි බබාව වඩාගෙන ගෙදර ගේන්නයි වුණේ.මට ලොකු ඉස්කෝලෙකට යන්න ලැබුණා. ඒ අලුත් ඉස්කෝලෙට ගිය දවසෙම එහා මේසේ හිටිය කොල්ලට මං කතා කළා. මං ඇහුවා මාත් එක්ක චැලෙන්ජ් කරලා ඩාන්ස් කරන්න එනවද කියලා. හොඳ වෙලාවට ඒකට ඩාන්ස් බෑ. නැත්නම් ගිය දවසෙම මගේ පටි රෝල්. හැබැයි මං ඩාන්ස් කිරිල්ල අතෑරියේ නෑ. මං දාන බ්‍රේක් ඩාන්ස් පාරවල් බලන්න ඒ ඉස්කෝලේ කොල්ලො කෙල්ලො වට වෙනවා. ඒ කාලෙදි කංචන කොඩිතුවක්කු හිටියෙත් මගේ පන්තියේ.
කංචනයගෙ අත පය ඒ කලෙදිත් දිගයි. එහෙදි අපි ටීම් හතරකට බෙදිල ගහ ගන්න කොට මං හිටියෙම කංචනගෙ ටීම් එකේ. ගහ ගනිද්දී මමත් හතර අතට අත පය වනනවා. වැඩිපුර තළන්න කැමැති තඩි බතලයන්ට තමයි. හැබැයි මට ගුටි වදිද්දි බේරෙන්න දුවන්නෙම කංචනගෙ අස්සට. ඒ කාලේ මගේ තිබුණේ එක හීීනයයි. කවදා හරි චණ්ඩියෙක් වෙන එක විතරයි. මගේ උණේ බැස්සෙම නෑ. බොඩිය පෙන්නන්න හිතාගෙන මොරටුවේ ඉඳන් එගොඩ උයනට ඩෙනිම පිටින් කමිසයක් නැතිව මං ඇවිදන් ඇවිත් තියෙනවා. සමහර බිග් මැච් දවස්වලට මං ඇන්දෙ ගවුමක්. ඒ කාලෙ කොල්ලො මට පොඩි මල්ලි, ජැක්සන් මල්ලි, මයිකල් ජැක්සන් කියලා එහෙම කිව්වා.
ඕලෙවල් කාලේ අම්මා මාව ටියුෂන් පන්ති යැව්වා. මං නළුවා වගේ පන්ති යනවා. හෙයාර් ජෙල් අරව මේව ඒ කාලේ නෑ. මං ගෙදරින් ගෙනිච්ච පොල් තෙල් ටික ඔළුවේ ගා ගන්නෙත් හන්දියේ ස්විප් කූඩුවක් අස්සට රිංගලා. ඒ කාලේ ලස්සන කෙල්ලෙක් දැක්කම මට මාර චූන්. ඒත් කොච්චර ට්‍රයි කළත් කෙල්ලෙක් සෙට් වුණේම නෑ.
අන්තිමේදී එක කෙල්ලෙක් හින්දම මං දහම් පාසල් ගියා. මං දහම් පාසලට ගිහින් හොඳ ගතිගුණ ඉගෙන ගන්නවා කියලා අම්මට කිව්වා. ඒත් අම්මා මගේ නොම්මරේ හොඳට දන්න හින්ද ද මන්දා කිසිම සපෝට් එකක් දුන්නේ නෑ. ඉතින් දහම් පාසල් යන්න ඉරිදා උදෙන්ම නැගිටින්නත් එපැයි. අම්මා එදාට මාව ඇහැර වන්නෙත් නෑ. මං නිදා ගන්නේ නැගිටින්න ඕනෑ වෙලාව මතක් කරන්. ඒ ඉලක්කමේ ගාණට ඔළුවට ටොකු ඇනගෙන. කෙල්ලගෙන් ආන්සර් එකක් නැති තැන මං දහම් පාසල් යාමත් අත්හැරියා.
ඉස්කෝලේ ඒ ලෙවල් කාලෙදි ඩ්‍රාමාවලට ඩාන්සින්වලට මං බොක්කෙන්ම සෙට් වෙනවා. ඒත් ලොකු ළමයි එක්ක තිබ්බම මං පොඩියි. පොඩි ළමයි එක්කල තිබ්බම ලොකුයිනේ කියලා තිස්ස ගුණවර්ධන සර් කිව්වා. ඇඟපත තිබුණ නම් දස මහ යෝධයකුටවත් ගත හැකි. ඒත් අපි බලමුකො පොඩි කෑල්ලක්වත් දෙන්න කියලා සර්ම කිව්වා. මාත් අතෑරියේ නෑ.
ඉස්කෝලෙන් වන්දිය කියලා නාට්‍යයක් හැදුවා. ඒකේ විජය කියන චරිතය රඟපෑවේ කංචන කොඩිතුවක්කු. විජයට පාර පෙන්වන බල්ලට හිටියේ මං. රඟපාද්දී මං බල්ලා චූ කරන කෑල්ලක් එහෙම අතින් දානව. එතෙකොට ඉස්කෝලේ කෙල්ලන්ගෙන් එහෙම මට මාර චියර් එකක් එනවා. එහෙම දහයයි තිහේ නාට්‍ය දර්ශනේ ඉවර වුණා. හවස තුනයි තිහේ ෂෝ එකේදී වැඩිපුර චියර් එකක් ලැබෙයි කියලා හිතාගෙන ඊටත් වඩා ටිකක් සැර පාරක් දැම්මා. ඒත් ඒක දැකපු අපේ නාට්‍ය සර්ට යකා නැග්ගා. ‘ඉවරයි කෑව කෑව’ කියලා සර් බැන්නා. එතැනින් පස්සේ මට ලැබිච්ච පොඩි පොඩි නාට්‍ය කෑලි ටිකත් නැති වුණා.
හිමාලි සිරිවර්ධනට ඒ කාලෙදිත් නැටුම් කණ්ඩායමක් තිබුණා. මං හිමාලි ළඟට ගියාම හිමාලිත් මාව කොට වැඩියි කියලා අයින් කෙරුවා. ටික දවසක් ටාචර් වෙවී හිටියා. ඒත් අන්තිමේදී තිස්ස සර්ටත් කියලම කුරුණෑගල පැත්තටවත් යනවයි කියලා මං හිතුවා. එහෙ ගිහින් සේල්ස් රෙප් වැඩක්වත් හොයා ගන්නයි හිටියේ. මං ගිහින් තිස්ස සර් හමුවුණා. එත් ඒ ටික කියාගන්න මට දහිරියක් නැති වුණා. ඉතින් මං සර් ළඟට වෙලා වැඩවලට උදව් පදව් කර කර හිටියා.
දවසක් සර්ව හොයාගෙන කොළඹින් සෙට් එකක් ඇවිත් හිටියා ‘පිං පොං’ කියල චරිතෙකට. රුක්මල් නිරෝෂ්ව හොයාගෙනයි ඇවිත් තිබුණේ.ඒත් රුක්මල්ට ඒ චරිතෙ කරන්න විදියක් නැති වුණා. එහෙම කොළඹින් ඇවිත් හිටිය අනුරුද්ධ ජයසිංහ ඉල්ලුවේ ඒ කැරැක්ටරේට හරි යන වෙන හොඳ නළුවෙක්ව. ඒ වෙලාවේ සර් ළඟ හිටියේ මං විතරයි. ඒත් සර්ගේ ළඟ හිටිය ලස්සන දක්ෂ නළුවෝ ලැයිස්තුවක් හැදුවොත් මං හිටියේ අන්තිම හරියට වෙන්න ඇති. ඒ නිසා සර් කිව්වේ මේ වෙලාවේ නම් කට්ටිය නෑ. ඒත් මෙන්න මේ රජිය නම් ඉන්නවා. ඔයාලට හරි යනවද කියලා බලන්න කියලයි.
‘මැඩම් ස්කීම් එකේ වතුර කපලා’ වගේ පොඩි වාක්‍යයක් එයා මට කියන්න දුන්නා. ඒත් මට ඒකත් පැටලුණා. හැබැයි මං කරපු පොඩි පොඩි චරිතවල පින්තූර මං ගහගෙන තිබුණා. ඒවා බැලුවම එක පාරට මං පොඩි සීන් කරපු එකෙක්ය කියලා කියන්නත් බෑ. මං ඒවත් අනුරුද්ධ ජයසිංහට පෙන්නුවා. එයාලා මට කෝල් කරන්නම් කිව්වා. මමත් එයාලගේ ටෙලිෆෝන් නොම්මර ලියා ගත්තා. ඒත් කෝල් එකක් නම් දවස් දෙක තුනක් යනතුරුම ලැබුණේ නැහැ. ඒ කලේ මං උපරිම මට්ටමින් වළ බැහැලා හිටිය කාලේ. දවසක් අපි ඒ හරියේ පැතිරිච්ච දහදුරාම මත් ජාතියක් බීල බලමුයි කියලා දවසක් යොදා ගත්තා.
එදාට කලින්දා මට නිකමට වගේ අනුරුද්ධට කතා කරලා බලන්න හිතුණා. හැබැයි අතේ සතයක්වත් නැති මං ඒකටත් රුපියල් විස්සක් ඉල්ල ගත්තේ අම්මගෙන්. විස්සෙනුත් දහයක්වත් පොඩි සීන් එකකට ඉතුරු කර ගන්නයි මං බැලුවේ. ඉතින් වැල්වටාරං නැතිව කෝල් එක ගත්ත ගමන්ම මං කිව්වේ මං මේ පිං පොං කතා කරන්නේ කියලා. එතකොට අනුරුද්ධ ජයසිංහටත් හිනා ගියා. මාව ඒච චරිතෙට තෝර ගන්න නෙවෙයි එයාලා මුලින් හිතල තියෙන්නේ. ඒත් අර කතාව ඇහුවම මගේ තිබිච්ච උන්දුවට පිං පොං චරිතෙ මට දෙන්න එයාට හිතිලා.
මල්ලි හෙට උදෙන්ම එන්නකෝ කියලා මට එන තැන වෙලාව එහෙම කිව්වා. ඉතින් ටෙස්ට් කරන්න හිතාගෙන හිටිය ජාතිය නොබී මඟහැරුණා. පහුවදා කොළඹ ගෙන්න ගත්ත මාව ඒ කට්ටියම ලොජ් කරගෙන දවස් ගාණක් තිස්සේම පිං පොං ගේ කැරැක්ටර් එකට පුරුදු කෙරුවා. ඉතින් ටෙස්ට් කරලා බලන්න බොන්න හිටිය නරක ජාතිය නොබී මං බේරුණා. ඇත්තටම කලාව මගේ ජීවිතේ බේරුවා. දැන් මගේ අයිඩියා එක තියෙන්නෙම මගේ ජීවිතේ බේර දුන්න කලාව බේර ගන්නම තමයි.
අපි දැන් එතැනින් නළු ජීවිතේට එමු.
දවසක් ලොකේෂන් එකකදි උදාරි වර්ණකුලසූරිය හිටියේ අහස පොළොව ගැට ගහන්න තරම් කල්පනාවක. මං උදාරිට කිට්ටු කළා. ඇයි මොකෝ ඇහැව්වාම උදාරි මෙහෙම කිව්වා.
නෑ මේ ඩාන්සින් ස්ටාර් එකේ හනිමුන් කන්සෙප්ට් එකට මගේ පාට්නර්ට ගන්න ස්ටාර් කෙනෙක් නැහැනේ කියලා උදාරි කිව්වා. ඔයා දන්න ස්ටාර් කෙනෙක් කියන්නකෝ කිව්වම මං කළේ පොඩි ජෝක් එකක්.
ඇයි ඔයා ජී. ආර්. ට කතා කලේ නැද්ද? එතකොට කවුද අනේ ජී. ආර්. කියලා උදාරි ඇහැව්වා. ඔයා දන්නේ නැද්ද වර්ල්ඩ් වයිඩ් හීරෝ ජී. ආර්. ජී. ආර්. කිව්වම උදාරිත් හොඳටම ඇන්දුණා.
දෙන්නකො රජිත එයාගේ නම්බරේ කීවම මං ජී. ආර්.ගේ නම්බරෙත් දුන්නා. නම්බරේට උදාරි කතා කළා. කතා කරල තොරතෝංචියක් නැතිව හනිමුන් කන්සෙප්ට් එකේ සීන් කියනවා. ඒකෙදි ජී. ආර්. අයියට කරන්න තියෙන්නේ මේ ටිකයි, මේ ටිකයි කිය කියා විස්තර කියනවා. මට බඩ පැළෙන්න හිනා. පස්සේ පව්නේ කියලා මං උදාරිට අතින් එපා කිව්වා. ඒත් ඒ බවක් අහන්නේ නැතිව මගෙන් ඈතට ගිහින් ජී. ආර්.ට හනිමුන් කන්සප්ට් එක ගැන කියන්න ගත්තා. අනේ ඒත් මේ ජී. ආර්. වෙනින් කවුරුවත් නෙවෙයි අපේ ජී. ආර්. පෙරේරා. උදාරි කතා කළේ ඒ බව නොදැනයි. ඉතින් උදාරිටත් කාඩ් එකක් වැදුණේ ජී. ආර්. ට හනිමුන් කන්සෙප්ට් එකට කතා කළ උදාරි කියලා.
අනෙක තමයි මේ වෙද්දි මගේ දත් බුරුසුවලින් දත් මදින නළුවෝ දෙන්නෙත් ඉන්නවා. ඉදිරියට ඒ පිරිස වඩා වර්ධනය කර ගන්නනයි මගේ බලාපොරොත්තුව. එයින් එක් කෙනෙක් කංචන කොඩිතුවක්කු. අනෙක් එක්කෙනා මංජුල මොරගහ.
පුරුද්දක් විදියට මං එක බුරුසුවකින් අවුරුදු තුනක් විතර දත් මදිනවා. එහෙම ෂූටින්වලදී එකට ඉන්දැද්දී ළඟදී දවසක මංජුල ගෙනත් තිබුණෙත් මගේ පාටම බුරුසුවක්. මං මංජුලයගෙ බුරුසුව වීසි කළා. ඒක තිබිච්ච තැනින් මගේ බුරුසුව තිබ්බා.

ජනිත්ගේ උපන් දිනයට කලාකරුවෝ එක්ව ලේ දන් දෙති

බොරු පාටි දාන හැමෝටම මේක හොඳ ආදර්ශයක්
දිනය - පසුගිය සෙනසුරාදා.
තැන – නාරාහේන්පිට ජාතික රුධිර පර්යේෂණ ආයතනය.
වෙලාව - උදෑසන නවයට ආසන්නය.
ජනිත්, අපි ඇවිල්ලා ඉන්නේ.
ඉන්න මං ගේට්ටුව ගාවට එන්නම්.
දුරකතන ඇමතුම විසන්ධි වන්නටත් ප්‍රථම ජනිත් වික්‍රමගේ අප අසලය.
යාළුවෝ මිත්‍රයෝ ඔක්කොම ඇවිල්ලා ඉන්නේ. පිරිත් කියලා වැඩේ පටන් ගමු.
ඔහු අප කැටුව ආයතන පරිශ්‍රයට ගියේය.
සරත් දික්කුඹුර, සුරාජ් මාපා, ධනංජය සිරිවර්ධන, අශෝක සෙනරත්මුදලිගේ, ඔබිනාමුණි ගාමිණී ද සිල්වා ඇතුළු පිරිස පිරිවරා ජනිත්ගේ ආදර මව්පියන් වන ආනන්ද වික්‍රමගේ සහ මානෙල් වානගුරු එතැනය. ඔවුනට අමතරව ත්‍රිවිධ හමුදාවේ තරුණ තරුණියන් සහ තවත් පිරිසක් අනෙක් පසය.
මෙතැන අද සිදුවන්නේ ලේ දන්දීමේ පුණ්‍ය කටයුත්තකි. එය සංවිධානය කොට ඇත්තේ ජනිත් ඇතුළු ජනු 29 කණ්ඩායමය. ඒ 29 වැනිදාට යෙදෙන ජනිත්ගේ උපන් දිනය වෙනුවෙනි. එදින සතියේ දිනයක් නිසා 25 වැනි සෙනසරාදා මේ සුබ අවස්ථාව සඳහා වෙන් කොට තිබුණේ කාටත් පහසු දිනයක් බැවිනි.
සෙත් පිරිතෙන් අනතුරුව පැමිණ සිටි කලාකරුවන් හැර අනෙක් අය පළමුව ලේ දන් දීමේ කටයුත්තට යොමු වූයේ ඔවුන් ආරාධිතයන් නිසාය.
අන්න චණ්ඩියෙක් මේ පැත්තට එනවා?
කාගේදෝ කෑගැසීමකට අප බැලුවේ එදෙසය. පැමිණෙමින් සිටියේ ක්ලීටස් මෙන්ඩිස්ය.
ඊයෙයි පෙරේදයි මහ රෑ වෙනකම් ෂූටිං. තකහනියක් මං මේ ආවේ මීගමුවේ ඉඳලා. ජනිත් මාර වැඩක්නෙ මට කළේ.
ඒ මොකක්ද?
ඊයේ රෑ ටී. වී. ප්‍රෝග්‍රෑම් එකේදි මේ වැඩේට මං එනවාමයි කිව්වා. ඉතින් එහෙම කියලත් මං නෑවිදින් ඉන්න එක හරි නැහැනේ. එකයි පොඩි වෙලාවකටවත් ආවේ.
මානෙල් ඇතුළු ජනු 29 කණ්ඩායම පැමිණ සිටි අයට සංග්‍රහ කරයි.
මේ වන විට සෑහෙන්න පිරිසක් පැමිණෙමින් සිටියහ. ඒ අයගේ සිත් සැනසෙන්නට මියුරු සංගීත කණ්ඩ ඇතුළත් සී. ඩී. පටයක් වාදනය වෙමින් තිබිණ. හදිසියේම රැප් කළ දඩි බිඩි සංගීතයෙන් සැදුම් ලත් ගීතයක් ඉන් වාදනය විය.
මේ මොකද මේ, මිනිස්සුන්ගේ ලේ කෝප වේවි මේ වගේ සිංදු අහලා.
ජනිත් වහා වහා සිදු වූ දෝෂය පිළිබඳ සොයා බැලීය. වැරැද්ද නිවැරැදි වූ පසු නැවතත් සෞම්‍ය සංගීතය හාත්පස සිසාරා ඇසන්නට පටන් ගත්තේය.
ගයේෂා පෙරේරා, ඕෂධී හේවාමද්දුම, ගයත්‍රි ඩයස් සහ ධනංජය සිරිවර්ධන දොරකඩ අසල කතාවකය. ශලනි තාරකා ආවෙ එවලේය.
ඔයාගේ ඇඟේ ලේ තියෙනවද දෙන්න?
ගයත්‍රි ශලනිගෙන් අසයි.
මොකද නැත්තේ, පොඩියට හිටියට මගේ ඇඟේ හොඳට ලේ තියෙනවා.
ඈතින් රැවුල වවා ගත් කෙනෙකු එනු පෙනිණ.
අර කවුද බං. මට අඳුනගන්න බැහැනෙ, ඒත් පුරුදුයි.
ජනිත් විමසයි.
අප්පට සිරි මේ අර්ජුන අයියනෙ. මොකෝ මේ රැවුල වවාගෙන. අමීශා බූට් එකක්වත් තිබ්බද?
පිස්සුද මල්ලි. මට මහරජ ගැමුණු චිත්‍රපටයේ චරිතයක් ලැබුණනෙ. ඒකටයි මේ රැවුල වවන්නේ.
සෙනාලි ෆොන්සේකා, බුවිනි චාපා දියලගොඩ, රෝහණ සමරදිවාකර, සහාය අධ්‍යක්ෂ ලාල් ඒබ්‍රහම්, ශනුදු ප්‍රියසාද් ඇතුළු ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක් මේ වන විට ශාලාවට පැමිණ සිටියහ. කලාකරුවන්ගෙන් පළමුව ලේ දන් දෙන්නට ගියේ සරත් දික්කුඹුරය. ඔහු ගිය පයින්ම ආපසු ආවේය.
මොකද සරත් අයියා?
ප්‍රෙෂර් ටිකක් වැඩියිලු.
ඩොක්ටර් ඇහැව්වානෙ මෙතන කාට හරි බය වුණාද කියලා.
එය අසා එතැන සිටි බහුතරයකට සිනහ පහළ විය.
සරත් ඔයා කළේ තවත් පුණ්‍ය කටයුත්තක්, ඔයාගේ කතාව අහලා හිනාවෙලා ලේ දන් දෙන්න කලින් අපි හැමෝගෙම ලේ පිරිසුදු වුණා.
ගාමිණී ද සිල්වා ඇවිත් කියයි.
මේ අතරතුරදී ජනිත් ඇඟිල්ලක් කටේ ගසාගෙන කල්පනාවකය.
මොකෝ ජනිත්?
නැහැ. මං හිතුවේ දෙසීයක් විතර එයි කියලා.ඒත් දැනටමත් ආපු අය තුන්සීය පැනලා.
ඇත්තටම සතුටුයි. එන අයට තව කන්න බොන්න ගේන්න ඕනෑ. තමන්ගේ උපන් දිනයට අනෙක් අයත් මේ වගේ පුණ්‍ය කටයුතු කරනවා නම් හොඳයි නේද? නිකම් බොරු පාටි දාන්නේ නැතුව.
ජනිත් පවසාගෙන යයි.
දහල් දොලහ පමණ වෙද්දී ජීවන් කුමාරණතුංග පැමිණියේය. ඔහුගේ පැමිණීම කොයි කාටත් තවත් ශක්තියක් විය.

අධ්‍යක්ෂවරයකුගෙන් ලක්ෂිකාට අයුතු යෝජනාවක්

සරසවිය දෙපාර්තමේන්තුවට නව පරපුරේ රංගන ශිල්පිණියක් පැමිණෙයි.
අයියෙ මම ලක්ෂිකා ජයවර්ධන.   ඔව් ලක්ෂිකා . . .
මට ලොකු අසාධාරණයක් වුණා. මට ඒක ගැන කියන්න ඕනෑ.
සරසවිය පත්තරේ හැමදාමත් කලාකරුවන් වෙනුවෙන් ඉන්නවා. ඒ හින්දා ඔයාට වෙච්ච අසාධාරණය කියන්න. හැබැයි එක කොන්දේසියක් පිට තේරුණාද?
මොකක්ද අයියේ?
අපේ පත්තරෙන් කාටවත් මඩ ගහන්නෙවත්, කලාකරුවෙකුගේ චරිත ඝාතනය සිදු කරන්නේවත් නැහැ. ඒ හින්දා ඔයාට වුණු දේ කියන්න. නමුත් නම් ගම් සඳහන් කරන්න බැහැ.
හරි. මං කියන්නම්කෝ මෙහෙමයි කතන්දරේ. මට එක්තරා නාට්‍යයකට කතා කළා. ඒ අධ්‍යක්ෂවරයාගෙන්මයි මට ඇරැයුම ලැබුණේ. ඔහු මගේ රූපය දැකලා තියෙන්නේ පත්තරේක ගිය කවර් පේජ් එකකින්.
* ඉතින්?
මට නාරාහේන්පිට එක්තරා තැනකට එන්න කිව්වා. එතෙන්දි ඔහුව හමු වුණාට පසුව චරිතයට මාව සුදුසුයි කිව්වා. ඔහු මට ඔහුගේ කාර් එකට නගින්න කියලා ගල්කිස්ස ගෙස්ට් හවුස් එකකට එක්කගෙන ගිහින් අයුතු යෝජනාවක් කළා.
* ඔබ මොනවද කිව්වේ?
මම වහාම එතැනින් යන්න ඕනෑ කිව්වා. මං බලෙන් වගේ එතනින් ආවේ. එයා ගොඩක් හොඳ කෙනෙක් කියලා මට ඒත්තු ගැන්නුවා. ඒත් මං රැවටුණේ නැහැ.
ඔන්න ආයෙත් ඔහුගේ නාට්‍යයට නිළියන් තෝරා ගැනීමේ ඉන්ටර්විව් එකක් තිබුණා. ඒකටත් එන්න කිව්වා. එදා ඔහු හැසිරුණේ මාව නොදන්නවා වගේ. එම නාට්‍යයේ පිටපත් රචකයා මට චරිතයට අදාල ඩයලොග් ටිකක් දුන්නා. මාත් හැකි පරිදි ඒවා කිව්වා. ඔහු මාව චරිතයට සුදුසුයි වගේ කියලා අධ්‍යක්ෂවරයාට දැන්නුවා. ඒත් අධ්‍යක්ෂවරයා දැක්වූයේ මාව නිකම් ගැළපෙන්නේ නැහැ වගෙයි. පිටපත් රචකයානේ දන්නේ චරිතයට මාව හොඳයි කියලා. එහෙයින් මාව ඒ චරිතයට තෝරාගෙන ළඟ ඇති තැනකට ගියා ඇඳුම් මහන්න දෙන්න. එවලෙත් අධ්‍යක්ෂවරයා මට අයුතු කතා බොහොමයක් කිව්වා.
* ඔබ ඒ නාට්‍යයෙහි දර්ශන තලයට ගියාද?
ඔව්. ඒ නාට්‍යයේ මුහුරත් එක තිබුණේ කොළඹින් දුර බැහැර පිහිටි එහි දර්ශන තලයේ. ඊට කලින් දවසේ රෑ නාට්‍ය කණ්ඩායම එහෙ ගියා. මට අධ්‍යක්ෂවරයා කතා කළා ඔහුත් එක්ක කාර් එකේ යන්න. මං බොරුවක් කියල ඔහුව මඟ හැරලා පිරිසත් එක්ක වෑන් එකේ ගියා.
* එහිදී මොකද වුණේ?
පළමු දවස් දෙකේ මට ෂූටිං තිබුණේ නැහැ. මේ අතරවාරයේ අධ්‍යක්ෂවරයා මට අයුතු විදිහට බලපෑම් එල්ල කළා. කරන යෝජනාවලට කැමැති වෙන්න කිව්වා. ඔහු මේ සියල්ල කළේ නාට්‍ය කණ්ඩායමේ අයට නොදැනෙන්න. මම ඉතින් එවාට සද්ද නැතුව හිටියා.
තෙවැනි දවස උදා වුණා. මම මේකප් එහෙම දාලා චරිතයට සූදානම් වුණා. මගේ පළමු දර්ශනය ගත්තා. ඉන් පසුව අධ්‍යක්ෂවරයා මගේ ළඟට ඇවිත් නැවතත් අයුතු යෝජනාවක් කළා. මං එවලේ තදින් හිටියා. ඔහු කියූ දේවල්වලට අවනත නොවුණු නිසා මාව ඒ මොහොතේ ඉඳලා එලෙව්වා. මං යන හේතුව කවුරුන් හෝ ඇහැව්වොත් කියන්න කිව්වේ මට රඟපාන්න බැරි නිසා යන්න වුණා කියලා.
* ඔබ එවෙලේ මොකද කළේ?
මං අන්ත අසරණ වුණා. රඟපාන්න බැරි නම් කොළඹදිම මාව දාලා එන්න තිබුණනේ. මේ වෙලාවෙ එතැන හිටපු ප්‍රවීණ ශිල්පීන්ටත් කර කියා ගන්න දෙයක් නැහැ. මාව බලෙන්ම වගේ එලෙව්වා. මං මහ පාරට ඇවිත් බස් එකක නැගලා කොළඹ ආවා. ඒ මනුස්සයත් එක්ක ෆීල්ඩ් එකේ හැමෝම තරහයිලු. ඔය වගේ වැඩ නිතරම ගැහැනු ළමයින්ට කරනවලු.
* ඒ බව දැන දැනත් ඔබ ඇයි ඔහුගේ නාට්‍යවලට සම්බන්ධ වුණේ?
ඉතින් ඔය වගේ යෝජනා කරලා බැහැ කියපුවම ඔච්චර අඩන්තේට්ටම් කරයි කියලා මම කොහොමද හිතන්නේ. ඔහු ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු හතළිහකටත් වැඩියි. ඔහුට දැන් හැටත් පැනලා. අනේ දෙවියනේ ඔච්චර වයස ගිහිල්ලත් පොඩි ළමයකු වගේ හැසිරෙයි කියලා කීයටවත් මං හිතුවේ නැහැ.
* ඔබ දැන් මොකද කරන්න හිතාගෙන ඉන්නේ?
මං මේක දන්න දන්න හැමෝටම කියනවා. එතකොටවත් ඔහු ගැන තවත් අය දැනගන්නවනේ. අනික ඔයා දන්නවාද මගේ ඇඳුම් බෑග් එකත් තවම එහේ. මං ඉල්ලුවට ඔහු දෙන්නේ නැහැ. ඕනෙ නම් ඇවිත් ගන්නලු. මං මෙතනින් නවතින්නේ නැහැ.
* ඔබට මේ ක්ෂේත්‍රයේ තිබෙන තැන ගැන කියන්න පුළුවන්ද?
ඔව්. මං මේ වන විට ප්‍රීතිරාජ් වීරරත්න, රටගෙදර, මිචෙල් ෆොන්සේකා වැනි අධ්‍යක්ෂවරු යටතේ වැඩ කරලා තියෙනවා. ඔවුන් කිසිම කෙනෙක් මට කියලා නැහැ රඟපාන්න බැහැ කියලා. මේ ක්ෂේත්‍රය හරිම උතුම්. ඒ උතුම් බව අර වගේ අධ්‍යක්ෂවරු නිසා කෙලෙසෙනවා. අනේ එහෙම මිනිස්සු තිරිසන්නු වෙන්නේ ඇයි. ඒක තමා මටත් තියෙන ගැටළුව.

Wednesday, January 29, 2014

සුරාජ් මාපාගේ කළ එළි මංගල්‍යය

සුරාජ් මාපා කියන්නේ යෞවන යෞවනියන්ගේ පමණක් නොවෙයි බාල මහලු ප්‍රේක්ෂකයන්ගේත් හදවත දිනූ රංගන ශිල්පියෙක්. රංගනයට වගේම නර්තනයට ද දක්ෂ ශිල්පියෙක් වුණු සුරාජ් පසුගිය දිනෙක අපූරු කටයුත්තකට එළැඹියා.
ඒ උඩරට නර්තන ශිල්පියෙක් විදියට වෙස් පැළඳීමයි. බෙල්ලන්විල පන්සලෙහි පූජා භූමියෙහි සිදු වුණු ඒ අපූරු කටයුත්ත නරඹන්නට බොහෝ දෙනෙක් පැමිණ සිටියා. ඒ අතර නර්තන ලෝකයේ නමක් දිනාගත් චන්දන වික්‍රමසිංහ, චන්න විජේවර්ධන සමඟ කලා ලොවේ බොහෝ දෙනෙක් එහි රැස්ව සිටියා.
මේ සියල්ලන් ඉදිරියේ සුරාජ් මාපා සිය රංගන දක්ෂතා එළි දැක්වූවේ හුරු පුරුදු වෙස් ශිල්පියෙක් වගේ. සුරාජ්ගේ නර්තන ආචාර්යවරයා වුූ කුලසිරි බුදවත්තත් තමන්ගේ ගෝලයාගේ දක්ෂතා දෙස බලාගෙන සිටියේ සතුටු කඳුලු පිරි දෙනෙතිනි.