ගෙයි ඇතුළ ආලෝකවත් වෙන්නේ හිරු - සඳු එළියෙන්
විජයත් දේවිකාත් අපිව පිළිගත්තේ හරිම සෙනෙහසකින්. ඔවුන්ගේ සොඳුරු කැදැල්ලේ සුන්දරත්වය ගැන කතාබහ කරන්නට දෙදෙනාම අපිත් එක්ක එකතු වුණා. සුන්දර නිවහනේ වගතුග කියන්න පළමුව එක් වුණේ විජය නන්දසිරි.
“අපි මේ නිවහනට පදිංචියට ඇවිත් දැන් වසර 4ක පමණ කාලයක් වෙනවා. මට මතක හැටියට අපි මේ නිෙවසට ගෙවැදුණේ 2009 වසරේදී.
මෙතන තිබුණෙ
පර්චස් දහයක පමණ බිම් කැබැල්ලක්. අපේ අදහස් අනුව නිවසේ සැලසුම ඇඳලා එය ගොඩනඟන්නට අපිට උදව් කළේ නුවර ප්‍රදේශයේ ගෘහ නිර්මාණ සැලසුම් ශිල්පියකු වන ගාමිණී දිසානායකයි. නිෙවස සැලසුම් කරත්දී දේවිකාගේ අදහස් එයට එක්වුණා.”
මහල් තුනකින් යුතු මේ නිවහනේ ඉහළම මාලය වෙන්කොට තිබෙන්නේ අමුත්තන්ගේ නිදන කාමර සහ විජය - දේවිකාගේ ව්‍යායාම් කටයුතු වෙනුවෙනුයි. දෙවන මහලේ ඔවුන්ගේ නිදන කාමර සහ ඔෆිස් කාමරය සැලැසුම් කර තිබෙනවා.
පහළ මාලය වෙන්වන්නේ ආලින්දය සඳහායි. විජය - දේවිකා නිවහනේ ආලින්දය අමුතුම ආකාරයේ සුන්දරත්වයකින් යුක්තයි. ඒ ගැන දේවිකා විස්තර කළේ මේ විදිහටයි.
එනිසා දහවලටත් - රාත්‍රියටත් අපේ නිවහන ආලෝකවත්. රාත්‍රියට ගෙට ඇතුළුවන සඳ එළිය හරිම අලංකාරයක් නිෙවසට ලබාදෙනවා. හරිම සෞම්‍යයි. එය අපි සැලසුම් කරලමයි යෙදුවේ.”
“අපේ ගෙදර උදෙන්ම අවදි වෙන්නේ දේවිකා. පාන්දර පහ වෙනකොට අපි සියලු දෙනාම අවදි වෙලා. මගේ කාමරයේ ඇඳේ ඉඳගෙනම පුරුද්දක් විදිහට මම බණ අහනවා.
ඊට පස්සේ බැල්කනියට එන කුරුලු රංචුවට කෑම දානවා. උන් ඇවිත් පුංචි පුංචි තුඩු අගින් කෑම ඇහිඳන් කන හැටි හරිම අපූරුයි.” එහෙම කිව්වේ විජය නන්දසිරි.
මේ සොඳුරු නිවහනේ සියලුම ගෘහ භාණ්ඩ හා ලී වර්ග සඳහා භාවිතා කර තිබෙන්නේ මැහෝගනී, කොහොඹ වැනි වටිනා ශාක වර්ගයි. ආලින්දයේ ඇති විශාල මේසය තේක්ක දැව භාවිතයෙන් නිර්මාණය වූවක්. ගෘහ භාණ්ඩ සඳහා ගැළපෙන අයුරින්ම නිෙවසේ බිත්ති වර්ණ ගන්වා තිබීමත් විජය දේවිකා නිවහනේ සුන්දරත්වය වැඩිකිරීමට හේතු වී තිබෙනවා.
“අපි හුඟක් වෙලාවට නිෙවසේ වර්ණ සංකලනය ගැන හිතනවා. ඇහැට ප්‍රිය උපදවනවා වගේම ප්‍රමිතියෙන් උසස් බව කල් පැවැත්ම ගැන අපි නිෙවසට ගෘහභාණ්ඩ හා තීන්ත තෝරා ගැනීමේ දී හිතුවා. තව අවුරුදු පනහක් ගියත් මේ මෝස්තර යල් පැන යන්නේ නැහැ. ඒ අනුවයි අපි මේ නිවහන සැලසුම් කළේ.”
“බිත්ති සඳහා ගෝල්ඩ් කලර් එක. බ්‍රවුන් කලර් එක සහ බ්‍රික් කලර් එකත් වයිට් හා අයිවරි කලර් එකත් යොදා තිබෙනවා. කාමර සඳහා පර්පල් කලර් එකත් අපි භාවිතා කළා.
බිත්තිවල වර්ණයන්ටම ගැළපෙන ආකාරයට ජනෙල් සඳහා අවශ්‍ය කර්ටන් භාවිතා කළා. ඒ ආකාරයෙන් තමයි නිෙවසේ අලංකාරත්වය බිත්ති ආලේපන හරහා වැඩිකරන්නට අපි උත්සාහ කළේ. ඒ වගේම පියගැට පෙළ සඳහා වූ අත්වැට සම්පූර්ණයෙන්ම මැහෝගනී දැවයෙන් නිර්මාණය කරලා තියෙන්නෙ.”
“දැනට අපේ නිෙවසේ පදිංචිව ඉන්නේ මමත් දේවිකාත් පුතා රසාංජන සචිනුත් පමණයි. දියණිය නවාංජනා ඕස්ට්‍රේලියාවේ පදිංචිව ඉන්නවා.
පුතාත් දියණියත් වෙනුවෙන් ඉදිවූ මේ නිවහනේ බොහෝ අංග ඔවුන්ගේ අභිමතය පරිදිත් නිර්මාණය වුණා. විජය පැවැසුවේ සුපුරුදු ෙළන්ගතු කමින්. කොහොමින් හෝ විජය - දේවිකා සොඳුරු කැදැල්ලේ ගත කළ කාලය අවසන් කිරීමට අපිට කාලවේලාව එළැඹුණා. ඒ විජයට වේදිකා නාට්‍ය රංගනයකට බැහැර යාමට තිබූ නිසයි.
No comments:
Post a Comment