මා කැමැතිම පිරිමි දහදෙනා
මංජුලා කුමාරි
1.කැමැතිම දේශීය සිනමා අධ්‍යක්ෂවරයා - ලෙස්ටර් ජේම්ස් පීරිස්.
මම මගේ ප්‍රථම සිනමා රංගනය සිදු කළේ එතුමා ගේ චිත්‍රපටයකින්.
ලෙස්ටර් සර් හරිම සොඳුරු ප්‍රවීන අධ්‍යක්ෂකවරයෙක්.
ඉතාම සරල විදිහට නළුනිළියන් හසුරුවමින් ඔවුන්ගේ උපරිම රඟපෑම ලබා ගැනීමට ඔහු හරිම දක්ෂයි.
ඔහු හරියට පිහාටුවකික් පිටට තට්ටු කරනවා වගේ ඉතාම සුමටවයි රංගන විධාන ලබා දෙන්නේ.
මගේ ප්‍රියතම ගායකයා ඔහුයි. එතුමාගේ ගීතවලට,හඬට මම ආසයි. අමරදේවයන්ගේ ගීත භාවාත්මකයි.
කනට මිහිරි ඇසීමට ප්‍රිය හඬක් එතුමා සතුයි.
3. කැමැතිම රාජ්‍ය නායකයා - මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා
එතුමා ඉතාම එඩිතර පුද්ගලයෙක්. රාජ්‍ය නායකයෙක් සතු සියලුම ගුණාංග එතුමා සතුව පවතිනවා.
ඔහු දක්ෂ ක්‍රීඩකයෙක්. ඒ වගේම ලංකාවේ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් ලංකා කණ්ඩායම අනෙකුත් ක්‍රිකට් කණ්ඩායම් අභියස අසීරුතාවට පත් වන විට ලංකා කණ්ඩායම දිනන පැත්තට මඟ හදන්නට ඔහු පෙරමුණ ගන්නා ක්‍රීඩකයෙක්.
එවන් හැකියාවක් ඔහු සතුව තිබෙනවා.
5. කැමැතිම නිවේදකයා - රංගන ද සිල්වා
නිවේදන කලාව තුළ ඔහුටම අනන්‍ය වු ශෛලියක් ගොඬනගාගත් නිවේදකයෙක්.ඔහුගේ කතා ශෛලිය හැමවිටම අලුත්.
ඒවගේම අපූර්වත්වයෙන් යුක්තයි.
ලංකාවේ සංගීතඥයන් සමඟ සංසන්දනාත්මකව බලත් දී කේමදාස මාස්ටර්ගේ සංගීතය ඉහළින්ම තියන්නට පුළුවන්.
මාස්ටර්ගේ සංගීතය තුළ අමුතුම ආකාරයේ සුන්දරත්වයක් විදීමක් මට තිබෙනවා.
ඒ සංගීතයට මම හැමදාමත් ප්‍රිය කරනවා.
7. කැමැතිම ගීත රචකයා - වසන්ත කුමාර කොබවක.
මගේ ටෙලිනාට්‍ය කීපයකටම ගීත රචනා කෙළ් ඔහුයි.
ඒ ගීත හැමෝටම තේරුම් ගන්න පුළුවන් විදිහට සරලව සුමට බස්වහරකින් ඔහු රචනා කර තිබෙනවා.
ඔහු ලියූ ‘සසරේ සදා සරණාතුරා ගඟ සේ ගලා බැස යයි සදා’ ගීතයට මම හුඟාක් ආසයි.

8. කැමැතිම විදේශීය සිනමා අධ්‍යක්ෂවරයා - යාෂ් චොප්රා
‘වීර් සාරා’ අධ්‍යක්ෂණය කළ චොප්රාට මම හුඟක් කැමැතියි.
ඔහුගේ චිත්‍රපටවල අවසානය ප්‍රීතිමත්.
ඒවගේම ඒ චිත්‍රපට තුළ ආදරය හැමවිටම ඉස්මතු වෙනවා.
8. කැමැතිම නවකතාකරුවා - කුමාර කරුණාරත්න.
මම රංගනයෙන් දායක වූ ‘ඕලු’ ටෙලිනාට්‍යයේ කතා රචකයා ඔහුයි. එනිසා මම ඔහුගේ නව කතාවලට කැමැතියි.
ඔහුගේ නවකතා තුළ විශේෂත්වයක් මම දකිනවා.
10. කැමැතිම නළුවා - රවීන්ද්‍ර රන්දෙණිය
ඔහු තුළ තිබෙන රංගන දක්ෂතාවයට වගේම නිහතමානීත්වයට මම කැමැතියි.
No comments:
Post a Comment